මෙය අනුරාධපුරය සිට ඇතුගල්පුරය දක්වා යන බස්රථයක්. මගීන් විශාල පිරිසක් අතර මැදිවියේ පුද්ගලයකු තද නින්දකය. ඔහුට බස්රියේ සිදුවන කිසිවක් නොදැනෙයි. සිහි බුද්ධියක් නැත. ඒ ළඟින්ම වාඩි වී සිටින්නේ දරුවකු වඩා ගත් මවකි. දරුවා සුරතල් වෙමින් නොයෙක් වචන තෙපලමින් මවගේ ඇකයෙහි හිඳී.
ගමන් විඩාව නිවා ගැනීමට වතුර බෝතලයක්ද මව ළඟය. දරුවා වතුර ඉල්ලූ නිසා ඇය බෝතලය ඔහුගේ කට ළඟටම ගෙන හෙමින් සීරුවේ වතුර පෙව්වත් අතේ නින්දට වැටුණ කෙනාගේ ඇඟට වතුර ටිකක් වැටුනි.
අනේ අපොයි රං මැණිකො වහිනව නේද? අපරාදෙ මාගලේ වී ටික. භූතයගෙන් කපල ගෙට ගත්ත අමු වී ටික බං නින්දෙන් පිබිදුන ඔහු කෑමෝර දෙන්නට වූයේ බස්රියේ සිටි සැවොම පුදුමයට පත් කරමින් මෙන්ම සිනාවට ලක් කරමිනි. වී වේළන ගමන්ද මාම ආවෙ? රංමැණිකෙ වේළලා තියන්නෙ නැතැයි දැන් ඉතින් කෑ නොගහ යං. කොන්දොස්තරගේ කතාවටද සැවොම සිනා වූහ.
මම හීනයක් දකිමින් හිටියෙ ඊයේ භූතයගෙන් කපපු අමු වී ටික අපේ එක්කෙනාට අව්වට දාන්න කියලයි ආවෙ. වැඩ රාජකාරි අස්සෙ මේ ගමන ආවෙ කොන්දොස්තර මහත්තයෝ පියවි සිහියට ආ ඔහු එසේ කියන විට දවල් හීන ගණන් ගන්න එපා අංකල්, ඒවා වැඩි හරියක් සැබෑ වෙන දේවල් නොවෙයි. තරුණයෙකුද කතාවට හවුල් වූ අතර ගමනාන්තය දක්වා යනතුරු නින්දට වැටුණේ නැත. එහෙත් තම කමිසය තෙමුණේ කෙසේදැයි ප්‍රශ්නයක් විය.
තරහ වෙන්න එපා මාමෙ මම පුතාට වතුර පොවනකොට ඔයාගෙ ඇඳුමට ටිකක් හැලුන. මම එසේ කියන විට මමත් ඒක තමයි දුවේ කල්පනා කෙරුවෙ. මේ පායන කාලෙ අකල්වැහි එන්නෙ කොහොමද කියලා.
ඔහු ඇඟට පතට නොදැනි පැවසුවේ තරුණ මවද සිනාගන්වමිනි.
නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රී
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හීනෙන් බසයේ වී වේළලා