බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
ඇය පුහුලන් කජු වැවෙන ප්‍රදේශයක ජීවත් වන තැනැත්තියකි. ඇගේ මිතුරියක් දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙයි.
කජු පුහුලන් හට ගන්නා සමයේ තම මිතුරිය බලන්න යන්න ඇයට සිතිනි. ඒ අනුව ඉදුණු පුහුලන් සහ කජු ඇට ටිකක් බෑගයකට දමා ගෙන ඇය මිතුරිය බලන්නට ගියාය.
ඔන්න මම ඔයාට කන්න කජු ගෙනාවා ඉදුණු පුහුලන් ලුණු දාලා දැන් කන්න පුළුවන්. කජු ඇට මද අමුවෙන් කන්නත් පුළුවන් වෑංජනයක් ලෙසට උයලා කන්නත් පුළුවන් මිතුරිය කීවාය.
ටික වේලාවක් දෙදෙනා කතා බහකළ අතර මිතුරිය නැවත දවසක එන බව දන්වා නිවසින් පිටව ගියාය.
ඉන්පසු නිවැසි හිමි කාන්තාව ඉදුණු පුහුලන් දෙකතුනක් අනුහව කර පසුව කජු ඇට කිහිපයක් අමුවෙන්ම කෑවාය. කජු ඇටේ ඒ තරම් රස නැහැ ඇය තනිවම කියා ගත්තාය.
අමු කජු ඇට කාපු වෙලේ සිටම කටට දිවට අමුත්තක් දැණිනි. පසුවදා වනවිට ඇයගේ තොල් දෙක විකෘති වී කතා කරන වචන පවා පැටලෙන තත්ත්වයට පත්විණි.
ඇය වහාම තම මිතුරියට පණිවිඩයක් යැව්වාය. මිතුරියද පණිවිඩය ලැබුණු විගස දුවගෙන ආවාය.
“දෙයියෝ සාක්කි” උඹේ කටට මේ මොකද වෙලා තියෙන්නේ මිතුරිය විමසුවාය. ඇයගේ කට විරවෙලාය. තොල් ඉදිමිලාය උඹ ගෙනාපු කජු ඇට අමුවෙන් කෑවා ඇය වචන පටලවා ගනිමින් කීවාය.
යකෝ.... කජු ඇට එහෙම කන්නෙ නැහැ. අතේ පොල් තෙල් ටිකක් ගාගෙන කපලා මදේ එළියට අරගෙන තමයි කන්නේ. මිතුරිය කීවාය. කෙසේ වෙතත් ඇය දන්නා අත් බෙහෙතක් මිතුරියගේ කටට දමා නිවසින් පිටව ගියේ දවස් දෙකතුනක් යන කොට ඕක හරියයි කියමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කජු ලෙලි කාපු කතාව පරණ කතාවක්. ඒක වුනේ සුද්දෙකුටලු. මේ ලංකාවේ ඉන්නා කෙනෙක් කජු ලෙල්ල එක්ක කජු මද කෑවා කියන එක ඇත්ත කියලද කියන්න හදන්නේ?
හරි පුදුමයි, කජු කිරි විසයි කියල නොදන්නා කෙනෙක් නැහැ නේ?
ලංකාවේ නම් අඩු ගානේ කඩේ තියෙන් කජු මදවත් දැකලා තියෙන්න එපා යැ..