සුජිත් හේවාජුලිගේ
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියදී විදේශයන්ට පලාගොස් සැඟවී සිටින තිදෙනා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විදේශීය ආරක්ෂක සහ බුද්ධි අංශවල ද සහාය පතා ඇත. මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබාගැනීමට නියමිතය.
මෙසේ විදේශයන්ට පලාගොස් සිටින බව පැවසෙන්නේ ශ්‍රීලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ නියෝමාලි විජේනායක, නිමල් පෙරේරා සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත්‍රයකු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය වෙති.
මේ අය ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. ඒ එම කොමිසමට කැඳවීමෙන් අනතුරුවය.
සිද්ධිය සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබූහ.
අල්ලස් කොමිසමේ මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර්බස් A - 330 ගුවන් යානා 06ක් සහ A - 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෝ වෙති.
විමර්ශන අතරතුර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් හෙළි කළේ, තමන්ට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට ද, රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ ප්‍රියංකර ජයරත්නට ද දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බවය. එම පාපොච්චාරණයට අදාළව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසමට කැඳවා තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත කැඳවෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd