විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක් කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබේ දැයි වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්නගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ පරණ සෙල්ලම් ජාතික ජන බලවේග රජයෙහි නොමැති බවය. 

ජාතික ජන බලවේග රජය ස්ථාවර හා ශක්තිමත් රජයක් නිසා එම රජය ස්ථාවර කිරීමේ අදහසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මෙසේද පැවසීය. “රට ගොඩනඟන වත්මන් රජයේ වැඩපිළිවෙළට විපක්ෂයට සහාය දීමට අවශ්‍ය නම් ඒ තැන්වල සිටම සහාය දිය හැකියි. ඒ වගේම රට ගොඩනගන කටයුතු සඳහා හැකියාව ඇති එහෙත් මන්ත්‍රීවරුන් නොවන ඕනෑම අයකු රජයේ කටයුතුවලට දායක කර ගැනීම රජයේ ප්‍රතිපත්තියයි.”

ප්‍රේමකීර්ති රණතුංග