සුජිත් හේවාජුලිගේ
අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සියලු ජලාශ එම දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි.
මෙම සියලු ජලාශ එම දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. මේ අනුව මෙම අවදානම් සහගත තත්ත්වය සමීපව අධ්‍යයනය කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්. එම්. පී. එස්. ඩී. හේරත් ප්‍රකාශ කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණ, නාච්චාදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ වාන් දමන ප්‍රධාන ජලාශවලට ඇතුළත් වේ.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අබකොළ වැව, උස්ගලසියඹලන්ගමුව, මැදියාය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටආර ජලාශද, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය සහ තබ්බෝව ජලාශ ද මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.
මේ පිළිබඳ පරික්ෂාවෙන් සිටින මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශ අවට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd