• ගනුදෙනුව හෙළිකර දයාසිරිගෙන් සටහනක්
  • සිද්ධිය ඇමැති පිළිගනී

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඩුබායි හි සම්පාදකයකුට යැවූ රුපියල් කෝටි 8ක මුදලක් හැකරුන් අතට පත්ව ඇත. මුදල් ලැබිය යුතුව තිබූ විද්‍යුත් ලිපිනය නීති විරෝධී ලෙස භාවිත කරමින් හැකරුන් එම  මුදල වංචාකර ඇතැයි මූලික පරීක්ෂණවල දී තහවුරු වී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආරංචි මාර්ග පවසයි. 

මෙය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ඒකකය වූ ඩිරාම් මුදල්වලින් ගෙවිය යුතු ගනුදෙනුවක් බවද පැවසේ. 

මේ පිළිබඳව කළ විමසුමකදී වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා කියා සිටියේ එවැන්නක් සිදුවී  ඇති අතර ඒ පිළිබඳව තමා කඩිනමින් ප්‍රකාශයක් කරන බවය.

මේ පිළිබඳව කළ විමසුමකදී නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා කියා සිටියේ මුදල් ලබාගන්නාගේ විද්‍යුත් ලිපිනය හැකරුන් අතට පත්ව ඇති බවය.

මෙය ආවෘත ගනුදෙනුවක් බවද ඔහු පැවසීය. 

මෙම ගනුදෙනුව හෙළිදරව් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ද X සටහනක්  තබා තිබේ.
ගනුදෙනුව පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරන ලෙසද දයාසිරි  ජයසේකර මහතා එමගින් ආණ්ඩුවට බලකර ඇත.

ඩේලිමිරර්