කඩා වැටෙමින් පවතින ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ කිසිවකු හෝ හවුල් වනු ඇතැයි තමා නොසිතන බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු හෝ පිරිසක් ආණ්ඩුවට එකතුවන සූදානමක් ඇති බවට පළවන අදහස් පිළිබඳව විමසූ විට මහලේකම්වරයා මේ බව පැවසීය.
ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
“අපේ ප්‍රතිපත්ති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස්. අපට ඡන්දය දුන්නේ සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවන්න මිස ජාතික ජන බලවේගයට සහාය දක්වන්න නොවෙයි. යම් කෙනෙක් එහෙම ගියොත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන ඔවුන් පක්ෂයෙන් නෙරපනවා. ඒත් එහෙම කවුරුත් මේ වෙලාවෙ යන්නේ නෑ. එහෙම වෙයි කියලා අපි හිතන්නේ නෑ”
පසුගිය සමයේ දී පාලක රජයට හවුල් වූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් අට දෙනකු පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපි ඉකුත් සතියේ නිකුත් කළ බවද කී මහ ලේකම්වරයා තවත් 12 දෙනකුට අවවාද කර ලිපි නිකුත් කළ බවද පැවසීය. එම මන්ත්‍රීවරුන් අට දෙනාගේ මන්ත්‍රී ධුර ළඟදීම අහෝසි වන බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd