(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැනීමේ විදේශ රට වල සිට සිදුකරන ජාවාරමක තොරතුරු රැසක් ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

පිළියන්දල පොලිසිය වෙත එවැනි (gov pay) සැබදිය (link )ජංගම දුරකථනවලට ලද පුද්ගලයන් පස්දෙනකු  අද දිනයේ පමණක් පොලිසිය වෙත පැමිණි බවත් ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුව ව්‍යාජ ඒවා බවට ඔවුන් වෙත පැවසූ බවත් පොලිසිය කියයි.

එම ජංගම දුරකථනවලට ලද ලින්ක් කීපයක් පරික්ෂා කිරීමේදී මොරොක්කෝව සහ පිලිපීන දුරකථන අංක සඳහන්ව තිබී ඇත.

එම පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංක වලට කෙටි පණිවිඩ හා වට්සැප් ආකාරයෙන් එම ලින්ක් ලැබී ඇති බවත් ඒවා විවෘත කිරීමේදී එක් අයෙකුට 10000/=මුදලක් ගෙවීමට ඇති බවට සඳහන්ව තිබී ඇත.