
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්රෝ බස් රථයක් හිතා මතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථයක රියදුරකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 හොරණ කොළඹ සුඛෝ භෝගී බස් රථයක රියදුරෙකි.
මෙට්‍රෝ බස් රථය කහතුඩුව සිට කොළඹ බලා පැමිණීමේදී කැස්බෑව හන්දියේ සිට ඊට පිටුපසින්ම ප්‍රධාන ලාම්පු දල්වමින් නලාව ශබ්ද කරමින් වෙට්ටු දමමින් පැමිණ තිබූ සුඛෝ භෝගී බස්රථය මිරිස්වත්ත ප්‍රදේශයේදී එකවරම මෙට්‍රෝ බස් රථයට ඉස්සර කර සුඛෝ භෝගී බස් රථයේ පිටුපස මෙට්‍රෝ බස් රථයේ රථයේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමට සලසවා මෙම අනතුර සිදුකර තිබූ බව පොලිසිය කියයි.
සිදුකළ එම අනතුරෙන් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් ඇති වීදුරුව කැඩී අලාභ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එමගින් බස් රථයේ දේපළවලට සිදු වූ අලාභය රුපියල් 342,000/= බව පොලිසිය කියයි.
බස් රථයේ රියදුරු අනතුර සිදු කරන ආකාරය අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් වටිනා සේවයක් වන බස් රථයක් හිතා මතා අබතුරකට පත්කළ රියැදුරුගේ රියැදුරු බලපත්‍රය වසර දෙක තුනකට තගනම් කර සම්පූර්ණ අලාභය රජයට ලබාදෙන්න ඔහුට අණකළ යුතුයි.
උපරිම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
උපරිම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
විනයක් නැති සමාජයක් ඉන්නකල් මෙිි රට හදන්න නීතිය තදටම ක්‍රියාත්මක වෙන්න ඔිිනේ ...සල්ලී ගෙවනකමිි බස්එකට මාර්ග බලප්‍රත්‍රය තාවකාළිකව අත්හිටවලා රියදුරුටත් මාස තුණක් වගේ රැකියාව අහිමි කරන්න ඔිිනේ ..හිතාමතා කරන්නේ වෛරය තියෙන නිසානේ
කාලකන්නියෝ ctb bus ගෙනාව එකට විරුද්ධව මුං වැඩ කරන්නේ ප්‍රයිවට් බස් කාරයාට උපරිමයෙන් දඬුවම් ක්‍රියාත්මක කරන්න. අනෙකුන්ටත් එක්ක පාඩමක් ඉගෙන ගන්නත් එක්ක. ලාබේ සතයක්වත් අඩු නොකර කාලකන්නියට ගෙවන්න වැඩ සිද්ධ කරන්න ඕනේ.