
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත
එසේම මෙම යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇත.
විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට ඊයේ භාරදෙනු ලැබීය.
මෙම යෝජනාවට චෝදනා පනහක් ඇතුළත්වේ. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට චෝදනා වැඩිම ප්‍රමාණයක් ඇතුළත් කෙරෙන පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු විශ්වාසභංග යෝජනාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරු ඉන්න ගාණටවත් චෝදනා දාන්න එපායැ. මදි හොඳටම මදි. නිකම්මු හැටගාණක් ඉන්නව නේද?