(ගයාන් සූරිය ආරච්චි)
කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හෝටල් හිමි කවුරු වෙඩි තබා ඝාතනය ඔහුගේ බිරියට බරපතල තුවාල සිදුකළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ සිට බස් රථ මගින් මඩකලපුව දක්වා පලායමින් සිටියදී නාවල්අඩි හන්දියේදී මාර්ග බාධක යොදා අදාල බස් රථය නවතා ,සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථන 01ක් හා සිම්පත් 06ක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

(ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd