IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඇඳුම් හොරාට ගම්මුන්ගෙන් රජ කෑමක්


පෝද්දල සරත් ආනන්ද ගමගේ



නිවෙසකට ඇතුළු වී කාන්තා ඇඳුම් කීපයක් රැගෙන ගිය පුද්ගලයකුට ගම්වැසියන් අපූරු දඬුවමක් ලබාදී ඇති පුවතක් ගැන දකුණු පළාතේ බත් දුන් ගමකින් පසුගියදා වාර්තා විය. 
නිවෙස් හිමියා ගමෙන් පිට ප්‍රදේශයක රැකියාවකය. ඔහුගේ බිරිය, වැඩිමල් දියණිය සහ පුතෙක් නිවෙසේ වෙසෙති. මව දරු දෙදෙනා යතුරු පැදියෙන් පාසලට සහ උපකාරක පන්ති සඳහා රැගෙන යති.
පසුගිය දිනක සවස් කාලයේ මව දරු දෙදෙනාත් සමඟ උපකාරක පන්තියකට පිටත් වී ගිහින්ය. ඒ අතරතුරදී කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු පුද්ගලයකු පාපැදියකින් පැමිණ ගේට්ටුවක් නැති මෙම ගෙවත්තට ඇතුළු වී නිවෙසේ ඉදිරිපස වැරැන්ඩාවේ වැලක වනා තිබුණු කාන්තා යට ඇඳුම් කීපයක් හංගාගෙන පිටවී ගොස් ඇත. 


ගෙහිමියා නිවෙසට පැමිණියාට පසු ඇඳුම් අතුරුදන්වීමේ සිද්ධිය දැනගෙන ආරක්ෂිත කැමරාවේ දර්ශන විමර්ශනය කර ඇත. එහිදී දැක ඇත්තේ පසුගියදා පැවති සමුපකාර ඡන්දයට ද ඉදිරිපත් වූ පුද්ගලයකු මෙය කර ඇති බවකි. 
අසල්වැසි මිතුරන් කීප දෙනෙකුට ද සිද්ධිය පවසා ඇති ඔහු ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ද සාකච්ඡා කර ඇත. එහිදී මිතුරන්ගේ උපදෙස් පරිදි ආරක්ෂිත කැමරා දර්ශන ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි පරිදි නව පද්ධතියක්ද එකතු කරගෙන ඇත.
පසුගිය දිනෙක සවස් කාලයේ නැවතත් අර පුද්ගලයා මෙම නිවෙසට පැමිණියේය. පාපැදිය නවතා නිවසට ඇතුළු වී තමා ඇඳ සිටින ටී ෂර්ටය ගලවා ඉවත් කර වැලේ වනා තිබුණු දියණියගේ පාසල් නිල ඇඳුම ඇඳගෙන එය කලිසමට යට කර ඊට උඩින් තම ඇඳුම ඇඳගෙන පිටවී ගියේය. සිද්ධිය තම ජංගම දුරකතනයෙන් දකින නිවැසියා ඒ බව තම මිතුරන්ට හා අසල්වැසියන්ට දැනුම් දීමත් සමග ඔහු ගම්වැසියන්ට කොටු වන්නේය.
ගම්වාසීහු ඔහු අල්ලාගෙන උඩ ඇඳුම ගලවද්දී දැරියගේ පාසැල් නිල ඇඳුම මතුවී ඇත. පහරකෑමට ලක්වූ ඔහු එහි සිටි කීප දෙනකුගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇති අතර යට ඇඳුම පිටින් දුව ගොස් යන්තම් පණ බේරාගැනීමට සමත්වී ඇත. එම ස්ථානයේ දමා ගොස් තිබූ පාපැදිය ද පසුව වැඩිහිටියෙකු විසින් පහරකෑ පුද්ගලයාගේ ගෙවත්තට ගෙන ගොස් දමා ඇත. මෙම පුද්ගලයා මේ වනවිට ගමෙන් අතුරුදන් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 



අදහස් (2)

ඇඳුම් හොරාට ගම්මුන්ගෙන් රජ කෑමක්

vernon Friday, 26 September 2025 09:08 AM

ගම්වාසීන්ට නීතිය අතට ගන්න අවසර දුන්නේ කවුද? ඒකටත් වඩා ඇයි ඒක ඔජ වඩන විදිහේ ශීර්ෂ පාඨයක් දාන්නේ? මෙතන ඒ මනුස්සයා මැරුණා නම් කී දෙනෙක් හිරේ යයිද?

:       1       8

chinthana Friday, 26 September 2025 10:53 AM

ක්‍රොස්ඩ්‍රෙසින් කියන්නෙත් පිස්සුවක්. ප්‍රතිකාර කල යුතුයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1118 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site