IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


වතුර සැර බීම වෙලා ජංජාලයයි


අලු‍ත්ගම තුසිත කුමාර ද සිල්වා



සැර අධික සුදුබීම බෝතලයක් වාහනය පදවන ගමන් රියදුරකු විටින් විට කට තියන් බොන බව දැක සංචාරක කාන්තාවන් දෙදෙනකු මහත් කලබලයකට පත් වූ පුවතක් අලු‍ත්ගම සංචාරක පුරවරයෙන් අසන්නට ලැබෙයි.
මෙම රියැදුරා මෙරටට පැමිණෙන සංචාරකයන් මෙන්ම මෙරටින් නැවත ඔවුන්ගේ රටට පිටත්ව යන එන සංචාරකයන් අදාළ සමාගම්වල කොන්ත්‍රාත් පදනමේ ප්‍රවාහන සේවාවක් සපයන අයෙකි. 
මොහුට සුපුරුදු පරිදි සංචාරක යුවළක්ව අලු‍ත්ගම සංචාරක පුරවරයේ සිට ගුවන් තොටුපොළ දක්වා ගෙන ගොස් බැස්සවීමට ලැබුණු ඇනවුම මත ඔහු එම සංචාරක යුවළ රැගෙන නියමිත වෙලාවටත් පැය කීපයකට කලින් ගුවන්තොටුපල බලා පිටත්වීමට අලු‍ත්ගම හරහා දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිට ඇත. 
 ඒ වනවිට වෙලාව උදෑසන හයට ආසන්නව තිබිණ. මෙම සංචාරක රියැදුරා අදාළ හෝටලයෙන් එම යුවළ සිය වාහනයට නගින අතර සැර හිස් මත්පැන් බෝතලයක බහා තිබූ ජලය උගුරක් දෙකක් ගමනාරම්භයට පෙර පානය කර ගමන ආරම්භ කර තිබේ. පුරුද්දක් ලෙස නිතර ජලය පානය කරන මොහු දෙවැනි වරටත් අධිවේගී මාර්ගයට පිවිසෙන්න ඔන්න මෙන්න තිබියදී වාහනය පදවන අතරතුරත් සැරබීම බෝතලේ බහා තිබූ ජලය පාලනය කර තිබේ. 


ටික වෙලාවකින් එකවරම කලබලයට පත් වූ විදෙස් කත වාහනය නතර කරන්න කියා කලබලයෙන් රියැදුරුගෙන් මේ පිළිබඳ විමසා දොස් නගා ඔහු සමග යෑමද ප්‍රතික්ෂේප කර අදාළ හෝටලයටද දන්වා මහත් කලබල තත්වයක් ඇතිකර තිබේ.
රියැදුරුට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම තිබුනට එම විදේශිකයන්ගේ භාෂාව නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන් පැහැදිලි කළත් එම විදෙස් කත පිළිගෙන නැහැ. මේ බෝතලේ තියෙන්නේ වතුර කියලා පසුව මෙම රියැදුරු මේ පිළිබඳව තමන් දන්නා කියන හිතවත් සංචාරක මාර්ගෝපදේශකයෙකුට කතාකර මේ සිද්ධිය පවසා ඇත. ඒ දුරකථන පණිවිඩයට සවන් දුන් මිතුරා කලබල කරගන්න එපා. තව විනාඩි දහයකින් මම ඔතනට එනවා මමත් මේ ගෙස්ලා තුන්දෙනාව එයාපෝට් අරගෙන යන ගමන් කියා දුරකථනය විසන්ධි කර තිබේ.
මිතුරා කිව් වෙලාවටත් කලින් අපහසුතාවයට පත්ව සිටින විදෙස් යුවළ හා මිතුරු සංචාරක රියැදුරු අසල ඔවුන් පැමිණි වාහනය නවතා වාහනයෙන් බැස ඇවිත් මේ ගැන සැක සංකාවෙන් සිටි විදෙස් යුවළට ඔවුන්ගේ භාෂාවෙන් බස බස ගා පැහැදිලි කර මේ බෝතලේ තිබෙන්නේ වතුර බවත් සාමාන්‍යයෙන් අපේ රටේ පාවිච්චි කරපු වීදුරු බෝතලයක් නැවත පාවිච්චි කරනවා. ඒවා වතුර පුරවාගෙන බොන්න සහ තවත් අවශ්‍යතාවලට ගන්නවා. මේ මිත්‍රයත් මේ සැරබීම බෝතලේ පාවිච්චි කරලා තියෙන්නේ වතුර බොන්න. නැතුව අපේ රටේ නීතියක් තියෙනවා මත්පැන් බීලා වහන එළවන්න බෑ කියලා. ඒක මෙයා දන්නවා. බෝතලේ එළියට පේන්නේ සැරබීම නිසා ඔබගේ සැකය හරි. දැන් ඔබත් නිවැරදියි නේ කියලා මිත්‍රයා වාහනේ ඉදිරියට පදවාගෙන යද්දී සැරබීම බිව් බව කිව් රියැදුරාට සොරි කියා එම විදෙස් කාන්තාවෝ දෙදෙනාත් මේ රියැදුරුත් ගුවන්තොට දක්වා වැලිපැන්න හරහා අධිවේගයෙන් ඉදිරියට ගියහ.
එදා ඉඳන් අපේ මේ රියැදුරු මිත්‍රයා සැරබීම බහලූ බෝතල්වල විශේෂයෙන් විදේශිකයන් ඉදිරියේ වතුර දාලා බොන පුරුද්ද අත්හැරියා කියලා බොහෝ දෙනෙකු දන්න කාරණයක් වෙලා.

 



අදහස් (0)

වතුර සැර බීම වෙලා ජංජාලයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site