IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රබර් පටියට බියවී අතත් කඩාගෙන


කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි 



සිය ගෙවත්තේ කෙක්කකින් පොල් කඩමින් සිටි පුද්ගලයකුගේ අතට ඉහළ සිට වැටුණු රබර් පටියකට සර්පයකු යැයි බියවී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ අතකට මාස හයක පමණ කාලයක් ප්‍රතිකාර කිරීමට සිදුවූ පුවතක් සියනෑවේ පිලක්උඩ නමක් සඳහන් ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව මැදිවියේ පසුවූ අදාළ පුද්ගලයා ගස් නැග හෝ කෙක්කෙන් හෝ පොල් කැඩීමට හුරු අයකු නොවේ. තම නිවසේ අවශ්‍යතාවට පවා ඔහු තම ගෙවත්තේ ගස්වලින් වුවද පොල් කඩා ගනු ලබන්නේ ඊට අදාළ කුලීකරුවෙකු මාර්ගයෙනි.
නමුත් මෙම සිද්ධියට අදාළවූ දිනවල සුපුරුදු පරිදි ගස්නැග කුලියට පොල් කඩන්නා එම ප්‍රදේශයේ දක්නට ලැබී නැත. මේ නිසා සිය නිවසේ අවශ්‍යතාවට පොල් ගෙඩියක් කඩා ගැනීම පමණක් නොව ගෙවත්තේ ගසකින් පැසුණු පොල් ඉත්තක වරින්වර එක දෙක ගෙමිදුලට පොල්වැටීමෙන් ඇතිවී තිබුණු අනතුරු අවදානමත් නිසා එම ගහේ පොල් ටික කඩා ගැනීමට මෙහිදී එකි පුද්ගලයාට දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇත.


ඒ අනුව අසල්වැසියකුගෙන් ඉල්ලාගත් පොල් පිහියක් තමන් සන්තකයේ තිබූ උණ ලීයක අග සිය බිරියගේද සහාය ඇතිව බයිසිකල් ටියුබ් පටි කිහිපයකින් බැඳ අදාළ ගහේ පොල් කැඩීමට සූදානම් වී ඇත. එසේ සූදානම් වූ ඔහු පොල් කෙක්ක ගහට කෙළින්කර ඉතා අමාරුවෙන් හා අවදානමෙන් පොල්වල්ලකින් ගෙඩිය දෙක කඩන්නට පටන් ගෙන ඇත. 
මෙසේ පොල් කැඩීම සඳහා පොල් කෙක්ක පොල් ඉති අතරේ ඉහළපහළ ගස්සමින් සිටින විට එක්වරම ඔහුගේ අතට සිනිදුවට යමක් වැටී ඇත. එසේ වැටුණේ සර්පයෙකු විය හැකියැයි ක්ෂණිකව සිතූ ඔහු හොඳටම කලබලයට හා බියට පත්ව පොල් කෙක්කත් අතහැර එක්වරම අත ගසා දමා පැත්තකට පැනගෙන ඇත.
සැමියා පොල් කඩන අයුරු ටිකක් ඈතට වී බලාගෙන සිටි බිරිය එක්වරම සැමියාට සිදුවූ මේ අලකලංචිය දැක වහාම ඔහු ළඟට විත් සිදුවූයේ කුමක්දැයි යන්න කරුණු විමසා ඇත. ඒ අනුව සැමියා එහිදී කී කරුණු අනුව සර්පයා පිළිබඳව සොයා බැලීමේදී ඇයට දැක ගැනීමට ලැබී ඇත්තේ රබර් පටියක් පොල් ගහ ආසන්නයේ වැටී ඇති බවත් එම රබර් පටිය පොල් පිහිය උණලීයේ බැන්ද රබර් පටිවලින් එකක් බවත්ය. 
ඒ අනුව එම රබර් පටියක් ගැලවී සැමියාගේ අතට වැටී ඇති බව බිරියට මෙහිදී අවබෝධ වී ඇත. එම අවස්ථාවේදී ඇගේ මුවගට ආ සිනහව දැඩි පරිශ්‍රයක් දරා නවත්වාගෙන පැත්තකට වී වේදනාවෙන් අත පිරිමදිමින් සිටි සැමියා ළඟට ගොස් සිදුවී ඇති දේ ඔහුට පහදා දෙන්නට විය.
එහෙත් සර්පයෙකු යැයි සිතා වැරයොදා අත ගසා දැමීම හේතුවෙන් ඒ වනවිටත් ඔහුගේ උරහිසේ හා වැලමිටේ ස්නායු ආබාධයක් හටගෙන තිබුණි. ඒ අනුව පොල් කැඩීම එතැනින් අවසන් වුවද මාස හයක් පමණ යන තුරු සැමියාගේ අතට වෙදකම් කිරීම අවසන් නොවූ බවද බිරිය සිය මිතුරියකට පසුව කියා තිබුණි. 

 



අදහස් (0)

රබර් පටියට බියවී අතත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site