හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණින් වත්ත පහල කැලෑවේ පැණි කොමඩු තොගයක් සැගවූ ව්‍යාපාරිකයෙකුට වන අලි රංචුවක් විසින් ලබාදුන් අපූරු දඩුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කතරගම ඇසළ උත්සව සමයේ විශාල බැතිමතුන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණෙන නිසා කුමන හෝ ක්‍රමයක් මඟින් මුදල් ඉපයීම සිදුකළ පුද්ගලයෙකු තොග හා සිල්ලර වෙළෙදාම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයට අමතරව පලතුරු වෙළඳාම ද පටන් ගත් අතර කිසිදු දෙයක් අඩු මිලට එහි අලෙවි නොකළ අතර සෑම අවස්ථාවකම අසීමිත ලාභයක් උපයා ගැනීම ඔහුගේ දැඩි අපේක්ෂාව විය. මුදලාලිගේ බිරිඳ තරුණ වියේ පසු වූ රූමත් තැනැත්තියක වූ අතර ඇය ද සැමියාට දෙවැනි නොවන ලෙස වෙළෙදාම්වල නිරත වූවාය. කිසියම් භාණ්ඩයක මිල ඉහළයාමක් පිළිබඳව ආරංචියක් ලැබුණහොත් එවැනි දිනවලදී වෙළෙඳසල වසා තැබීමට ව්‍යාපාරික යුවළ අමතක නොකළහ.
සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉතා වැඩි මිලකට අලෙවි කිරීම පිළිබඳව එම පළාතේ නමක් දිනා සිටි වෙළෙඳසැලක් වන මෙය පසළොස්වක පොහොය දිනට අනිවාර්යෙන්ම විවෘත කර තැබීමට මුදලාලි වගබලා ගත්තේ ය. වියළි කාලගුණික තත්වය නිසා පැණි කොමඩු මිල ඉහළ යන බවට ලද ආරංචියත් සමඟ පැණි කොමඩු විශාල තොගයක් මිලට ගෙන රාත්‍රි කාලයේම රැගෙන ගොස් වත්ත පහළ ඇති කැලෑබද කොටසේ සඟවා වසා තැබිමට ව්‍යාපාරික යුවළ කටයුතු කළහ.
ගොවි බිම්වලට ගොස් ඉතාම අඩු මුදලකට රැගෙන ආ පැණි කොමඩු පෙරහැර දවසට වැඩි මුදලකට අලෙවි කර විශාල ලාභයක් හිමිකර ගැනීම දෙදෙනාගේ අරමුණ විය. ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති වෙළෙදසැල ඉදිරිපිට තාවකාලික බංකුවක් ද ඉදිකර පැණි කොමඩු ලාබෙට අපෙන් යනුවෙන් දැන්වීමක් ද සවිකර පොහොය දින වෙළෙදාම සඳහා පෙර දින සවස මුදලාලි පසුබිම සකස් කළේය.
පෝය දා හිමිදිරියේ සිය අත්ට්‍රැක්ටරය ද රැගෙන වත්ත පහළට ගිය මුදලාලිට පැණි කොමඩු ටික නොමැති බව දුටු විට දෙවියන් සිහිවිය. අධික තණ්හාව නිසා වත්ත පහළට වන අලි එන බවද අමතක වී සිටි මුදලාලිට වැඩි වේලාවක් නොගොස් කාරණාව අවබෝධ විය. හිස් අතින් නිවසට පැමිණ සිදුව ඇති අලාභය පිළිබඳව බිරිඳට පැවසීමත් සමඟ ඇය මහ හඩින් හඞා වැලපීම නිසා අසල්වාසින් ද නිවසට රොක්වුයේ මුදලාලිට කරදරයක් වෙලා යැයි සැකයෙන් යුතුවය. බිරිඳගේ ඇඬිල්ලෙන් කරුණු වටහාගත් අසල්වැසියෝ සිනාව අමාරුවෙන් තදකර ගනිමින් පිටව ගියහ. ආරංචිය ළැව් ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිර ගිය අතර දින කිහිපයක් වෙළෙදසල වසා දමා තිබූ අතර මුදලාලි පැණි කොමඩු නැද්දැයි ගමේ තරුණයින් විමසන අවස්ථාවලදී මුදලාලි සුද්ද සිංහලෙන් පිළිතුරු සපයන බවද සැලවේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩි තණ්හාවට අලින්ගෙන් යස පාඩමක්
ගුණරත්න Sunday, 20 July 2025 10:20 PM
ඉතින් මොකක්ද ඒකේ වැරැද්ද? බෞද්ධ කතාවකුත් තියෙනවා ඔය විදියේ ව්‍යාපාර කල තැනැත්තෙක් ගැන, ඒ කවුරුවත් නොවෙයි බුදුන් වහන්සේ පෙර භවයක කල දෙයක්. ලාභයක් ගන්න ද්‍රව්‍ය අඩු මිලට තියෙන කාලයේ අරගෙන ගබඩා කරලා පසුව විකිණුවාට කිසි වැරද්දක් නැහැ, මෙතන එකම වැරැද්ද අලින්ට අහු නොවෙන්න තියාගන්න බැරි වුනු එක