දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
එදා උදේ නිවසේ සිටියේ ඔහු පමණි. භාර්යාව රැකියාවට ගොසිනි. දරු දෙදෙනා පාසලේය. ඔහු රැකියාවට නොගොස් සිටියේ නිවසේ අවශ්යතාවකටය. එදා උදේම ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේ ලස්සන නෝනා කෙනෙකි. සිය භාර්යාව සමග සංසදනය කරන විට ඇය දෙවඟනකි. ඇය අතේ තිබුණේ භාණ්ඩ වර්ග කිහිපයකි.