IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වාත අමාරුවට බේත් ගන්න වින්කලයට ගිහින්

වාත අමාරුවට බෙහෙත් ගන්න ගිය පුද්ගලයකු වැරදි තොරතුරකින් වින්කලයක් වෙත ගොස් අමාරුවේ වැටුණු සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, ඔහු ගමේ කුලී වැඩ කරන පුද්ගලයකි. ඔහු ගමේ හැම ගෙදරකටම පාපැදියෙන් ගොස් කුලී වැඩ කර ජීවත් වෙයි. මේ අතර ඔහුට වාත අමාරුවක් හැදී ඇති අතර ඔහු ඒ සඳහා ගොඩවෙදකම් සොයා කරමින් සිට ඇත. 
කොතෙකුත් වෙදකම් කරත් අසනීපය සුව නොවූ බැවින් ඔහු වාත අමාරුවට බෙහෙත් කරන වෙදෙකු පිළිබඳව ගම්වැසියන්ගෙන් විමසා ඇති අතර ගම්වැසියකු පවසා ඇත්තේ ගමෙන් පිට නගරයේ වාත අමාරුවට නිට්ටාවටම බෙහෙත් කරන වෙදමහතකු සිටින බවත් ඔහු අය කරන මුදල ටිකක් වැඩි බවය. 


මුදල ගැන නොසිතූ ඔහු එම වෙදා සොයාගෙන යාමට තීරණය කර ඇත්තේ කෙසේ හෝ අසනීපය සුව කර ගැනීමටය. වෙදා සොයා යාමේ ගමන තම පාපැදියෙන් ඔහු ගමන ඇරඹුවේ වෙද මහතා අය කරන  මුදල හරිහැටි නොදන්නා බැවින් මුදල් ඉතුරු කර ගන්නටය. 
එම ගමට ගොස් එම වෙද මහතා සිටින බෙහෙත් සාප්පුව අසලටම ගිය ඔහු අසල සිටි තරුණයන් පිරිසකගෙන් වෙද මහතා පිළිබඳව විමසා ඇත්තේ බයිසිකලයේ ලැගෙජ් එකට තට්ටුවක් දමමින් ‘‘වාත අමාරුවට බෙහෙත් තියෙන්නේ කොහෙද? යැයි සිනාසෙමිනි. වයසට ගියත් තරුණයන් සමග සිටි තරුණයන් ඉදිරියේ තම ලෙඩේ පැවසීමට මැලි වී ඔහු අසා ඇත්තේ බයිසිකලයේ ටයර් එක දිහා බලාගෙනය. 
මොහුගේ මනමාල හිනාවත් ප්‍රශ්නය ඇසූ විලාසයත් බයිසිකලයේ ලැගේජ් එකට තට්ටු කරමින් පිටුපස රෝදය දෙස බලමින් ඇසූ නිසා තරුණයන් සිතා ඇත්තේ මොහු වාතය යනුවෙන් පවසා ඇත්තේ බයිසිකලයට හුළං බව සිතා තව කිලෝ මීටර් දෙකක් එහායින් ලොකු කොට්ටම්බා ගසක් තියෙනවා එතන ඇති බව පවසා ඇත.
අව්වට වැගිරෙන දහඩිය පිස දැමූ ඔහු කිලෝ මීටර් දෙකක් අමාරුවෙන් එම ස්ථානය සොයා ගොස් ඇති අතර එතන තිබූ බසිකල් හදන වින්කලය දැක ඔහුට දෙවියන් සිහිව ඇත්තේ කාරණය අවබෝධ වීමෙනි. ආපසු වින්කල් බාස්ගෙන් වෙද මහතා සිටි ස්ථානය අසා ගත් ඔහු ආපසු වෙද මහතා සොයා ගොස් ඇත්තේ තමන්ටම සාප කරමිනි.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

වාත අමාරුවට බේත් ගන්න වින්කලයට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site