IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බෝතල් මාරු වී ජංජාලයයි

බෝතල් මාරු වීමෙන් සිදු වූ අකරතැබ්බයක් හේතුවෙන් ලැජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
ඔහු වයස පනහ පැන්න පුද්ගලයකි. නිතර අමතක වීම් සිදුවන බැවින් ඔහුගේ බිරිය ඇතැම් බඩු කොළයක ලියා නැවත ඔහු කඩයට ගිය පසු දුරකතනයෙන් ද මතක් කර දෙයි. එහෙත් ඔහුට ගත් බඩු පාර්සලය හෝ අමතක වෙයි.
කුඩයක් වැස්සකට ඉහළගෙන ගියහොත් වැස්ස පායපු පසු අමතක වෙයි. මේ පිළිබඳව නොදත් ගමේ පුද්ගලයකු ඔහුට මුත්‍රා බෝතලයක් ලබා දී ඇත්තේ ඔහු නගරයට රැකියාවට යන බැවින් පරීක්ෂා කර ආපසු එන විට රිපෝට් එක රැගෙන එන ලෙසයි.
ඔහු එලෙස වැඩ කර දෙනවට ගම්වැසියෝ ඔහුට සංතෝසමට මුදලක් ලබා දෙති. එදින ඔහුට තවත් පුද්ගලයකු කසිප්පු කාලක් ලබා දී ඇත්තේ හන්දියේ පුද්ගලයකුට ලබා දෙන ලෙසය. ඔහුට උදෑසනම කසිප්පු නොලැබුණහොත් ඇඟ වෙව්ලන හෙයින් උදේ දිනපතාම කසිප්පු කාලක් යවන එක සිරිතකි. පරීක්ෂා කිරීමට දුන් මුත්‍රා කාල දැමූ බෑගයටම කසිප්පු කාල දමා ගත් ඔහු ගමන් කර හන්දියේ සිටි පුද්ගලයාට කසිප්පු කාල වෙනුවෙන් අතට හසු වූ කාල කුප්පිය ලබා දී පිටව ගොස් ඇත.
මුත්‍රා ලබා දුන් පුද්ගලයා කාල කුප්පියක් ගෙන සබන් දා හෝදා එයට පිරෙන්න මුත්‍රා දමා දී ඇත්තේ පරීක්ෂණ සඳහා මුත්‍රා මදි වේවි යැයි සිතාය. කාල පානය කළ හංදියේ පුද්ගලයා කාල පානය කර පැණි රහ ගතියක් මිස කිසිදු වෙනසක් නොමැති තැන කසිප්පු කරුට බැන වදිමින් ඔහු සොයා ගොස් ඇත්තේ ඔහු පානය කර ඇත්තේ මුත්‍රා කාලක් බව නොදැනය. 
මේ අතර හවස මුත්‍රා චෙක් කරන ස්ථානයට ගිය ඔහුට බැන වැදී ඇත්තේ මෙතන කසිප්පුවල ඇල්කොහොල් චෙක් කරන තැනක් නොවන බව පවසමිනි. ඒ ගැන සිතමින් ආපසු පැමිණෙමින් සිටි ඔහුට උදේ කසිප්පු කාල ලබා දුන් හංදියේ පුද්ගලයා ඔහුට බැන වැදී ඇත්තේ ‘පැණි රහක් මිස, කිසිම රහක් නැහැ. 
තමුසේ කසිප්පු කාල බීලා මට සීනි වතුර දුන් බව පවසමිනි. කාරණය අවබෝධ වූ ඔහු මුත්‍රා ලබා දුන් ගෙදරින් බේරී ඇත්තේ ඔහුගේ මුත්‍රා සාම්පලය හංදියේ සිටි පුද්ගලයා උදේම පරීක්ෂා කර රිසාල්ට් එක ලෙස  සීනි ඇති බවට තහවුරු කර ඇති බැවින් මුත්‍රා දුන් පුද්ගලයාට පවසා ඇත්තේ ඔහුට සීනි ඇති බව ලේ පරීක්ෂා කරන තැනින් ප්‍රකාශ කළ බවත් වෛද්‍යවරයකු හමුව ප්‍රතිකාර ගන්නා ලෙස අවවාද කරමිනි.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

බෝතල් මාරු වී ජංජාලයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site