කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
තහනම් ගහේ ගෙඩි කන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
සැමියා රටය. ඒ පාළුව කාන්සිය ඇය මග හරවා ගත්තේ අනියම් ඇසුරකිනි. ඔහු ඇය හමුවීමට රෑට රෑට එන්නේ යතුරු පැදියෙනි. ඒ සැමටම හොරාය. එහෙත් ගමේ කොල්ලන්ගේ කණට මෙය ගියේය. තහනම් ගහේ ගෙඩි කන මේ ජෝඩුවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ගමේ කොල්ලෝ අර ඇන්දාහ.
එදා රෑත් සැමටම හොර රහසේ ඔහු මේ නිවසට රෑ රිංගුවේය. ඒ වෙනදාමෙන් යතුරු පැදියෙන් පැමිණීමෙන් අනතුරුවය. කාරිය නිමවුණේය. ඔහු කිසිදෙයක් සිදු නොවූ පරිද්දෙන් සිය යතුරු පැදියෙන් මහ රෑ නිවස බලා පිටත්වීමට සූදානම් වූවේය. ඒ සඳහා යතුරු පැදියට යතුර දමා පණ ගැන්වීමට කියා කළේය. ඒ සඳහා කිහිප අවස්ථාවක්ම උත්සාහ කළේය. බැරිම තැන යතුරු පැදිය ක්‍රියාත්මකවීම සඳහා සවිකර තිබූ බැටරිය නැත. එය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය.
මේ නිවසේ යතුරු පැදිය දමා ගියහොත් තමා තහනම් ගහේ ගෙඩි කන්න මේ නිවසට රෑට රෑට පැමිණෙනවා යයි අසුවේ යයි ඔහුට බිය සිතුනේය. කරන්න තියෙන එකමදේ සිය යතුරු පැදිය තල්ලු කරගෙන යාම බව ඔහුට අවබෝධ විය. ඒ අනුව ඔහු රෑ එළි වෙනකම්ම දහඩිය පෙරාගෙන යතුරු පැදිය තල්ලු කරගෙන එනවිට හොදටම එළිවෙලාලු.
2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් ගෙඩි කන්න ගිහින් එළිවෙනකම් කට්ට කාලා
Thusitha Saturday, 12 July 2025 11:51 PM
ගම්වල ඉන්න අයට අනුන්ගේ රෙද්දවල් හොයනවා ඇරෙන්න වෙන වැඩක් නෑ....
පිස්සු ලන්තයංං Monday, 14 July 2025 10:05 AM
මේ ලංකාවේ ඉන්නේ තාමත් ,නූගත් මෝඩ හැත්ත..ගොඩක් එවුන් මොංගලු්, මේවා කරන එවුන්ටත් පිස්සු, ඒවා සොයා සොයා ඉන්න වුන්ටත් පිස්සු...අනේ මේකට හෑල්ලක් ලියන්න මටත් පිස්සුද මන්දා...