බලංගොඩ – වයි.ඒ.එස්. වීරවංශ
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නුදුරු එක්තරා ගමක සිදු වූ අපූරු කතා පුවතකි.
ඔහු ගමේ පදිංචි අයෙකි. ගොවිතැන් කටයුතුවලට අමතරව කාගේ හෝ කුලී වැඩක් කරන්නේය.
විවාහයක් ගැන කල්පනා කර කරම වයසට ගියේය. කවුරුන් හෝ විවාහ යෝජනාවක් ගෙනාවොත් ඒ තරුණියගේ අඩුපාඩු කියා යෝජනාව මගහරින්නේය.
ඔහු හද්දා කපටියෙකි. කළොත් කරන්නේ කපටි වැඩය.
දිනක් කිසියම් වැඩකට නගරයට ගියේය. දහවල් වූ නිසා බඩගින්නක් දැනිණි. ඒ අනුව ඔහු නගරයේ ආපණ ශාලාවට ගොඩ විය.
‘බත් ටිකක් කෑවොත් හොඳයි’ ඔහු තනිවම කියා ගත්තේය. එම ආපණ ශාලාවේ කෑම තිබෙන්නේ තම තමන්ට කැමැති ආකාරයකට බෙදාගෙන කන්නටය. ඔහු පිඟානක් ගෙන මුලින්ම කුකුළු මස් කෑල්ලක් සහ මාළු කෑල්ලක් බෙදා ගත්තේය. ඉන් පසු ඒවා වැසෙන්නට බත් බෙදාගෙන එළවළු වෑංජන බෙදාගත්තේය.
බඩ පිරෙන්නට බත් කෑ ඔහු මුදල් ගෙවීමට මුදලාලි සිටින කවුන්ටරය වෙත පැමිණියේය.
‘මුදලාලි එළවළු කෑම එකක් ගත්තා. කීයද ගණන?’ ඔහු විමසුවේය.
‘එළවළු කෑම එකක්? එතකොට බත්වලට යටින් බෙදාගත් මස් කෑල්ලටත්, මාලු කෑල්ලටත් සල්ලි දෙන්නෙ තමුසෙගෙ බාප්පා ද...?’ මුදලාලිට යකා නැග්ගේය.
‘බලනවා තමුසෙ කෑම බෙදාගත් හැටි’ කියා මුදලාලි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පෙන්නුවේය.
‘කෑවා නම් බීවා නම් හරියටම සල්ලි දෙන්න පුරුදු වෙනවා.’
‘දෙයියෝ සාක්කි, මේකෙ කැමරා තිබිලනේ’ ඔහුට කියැවිණි.
කෙසේ වෙතත් ඔහු නියමිත මුදල් ගෙවා ආපණ ශාලාවෙන් පිටව ගි යේ හතර විලි ලජ්ජාවෙන් බේරෙන්නට ඒ අවට සිටි පිරිසගේ සිනහා හඬ මැද්දේය
2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් කාලා අතේ මාට්ටු