IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උගුල් අටවන්න ගිහින් මීයාට ඇන්දවිලා

කාලයක සිට සිය නිවසේ පවතින මීයන්ගේ කරදරයට විසඳුමක් වශයෙන් එම සතුන් මරණයට පත් නොකර ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් මුදාහැරිය හැකි උගුලක් අටවා දින තුනක් එක දිගට රාත්‍රි කාලයේදී එමඟින් සාර්ථක ප්‍රතිඵල අත්වීමක් පිළිබඳව සතුටට පත්  පුද්ගලයකු ඒ බව පසු දින අසල්වැසි මිතුරෙකුට කියන්නට ගොස් ඔහුගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණයකට අනුව ගෙහිමියා පෙරදිනවල මීයන් ඇල්ලූ වාරයක් පාසා මීයකුද ගෙහිමියා අන්දවා ඇති බව කියන පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයේ ගමකින් අනාවරණය විය.
මීයන් මර්දනය සඳහා වස විස මෙන්ම මී උගුල් වර්ගද පොදුවේ භාවිත කෙරෙන අතර වෙළඳපොළෙන් මිලදී ගැනීමට ඇති මෙම එක් උගුලක් මීයන්ට ක්ෂණිකවම මරණය අත්කර දෙන අතර තවත් උගුලක් මීයන් ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් නිදහස් කළ හැකි ලෙස නිපදවා ඇත.


ඒ අනුව අදාළ ගෙහිමියාද තමන්ටද පව්සිද්ධකර ගැනීමකින් තොරව සිය නිවෙසේ කරදරකාරී මීයන් මර්දනයට වඩාත් සුදුසු බවට තීරණය කෙරුණු මීයන් ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් නිදහස් කළ හැකි උගුලක් ඔහුද ගමේ කඩේකින් මිලදී ගෙනැවිත් ඇති අතර ඒ අනුව ඔහුගේ නිවසේද ගෙවුණු දින තුනක්  තිස්සේ පිට පිටම රාත්‍රි කාලයට එය අටවා තිබී ඇති බවත් ඒ සෑම දිනකම අදාළ උගුලට මීයකු බැඟින් හසුවී ඇති බවත් කියයි.
එසේ උගුලට හසුවන මීයා පසු දින උදෑසන ගෙහිමියා විසින් උගුලත් සමග සිය නිවසට මීටර් දෙතුන් සියයක් පමණ දුරකින්  පිහිටා ඇති යාබද කැලෑ රොදකට රැගෙන ගොස් එහිදී ඌව එම කැලෑවට නිදහස් කර ඇති බවත් ඒ අනුව මෙම ක්‍රියාවලිය නොකඩවා අදාළ දින කිහිපය තිස්සේම ඔහු විසින් සිදුකර ඇති බවත් කියයි.
මෙයින් මහත්සේ සතුටට පත්වී සිටි බව කියන ගෙහිමියා හතර වැනි දින උදෑසනද පෙරදින රාත්‍රියේ උගුලට හසුවූ මීයාද කූඩුව පිටින් කැලෑවට රැගෙන ගොස් නිදහස් කර එන අතරතුර මගදී ඔහුට හමුවූ ඔහුගේ මිතුරෙකුට මෙම සිදුවීම හෙතෙම ජයග්‍රාහී ලීලාවෙන් පවසා ඇති බවද කියයි.
මෙහිදී ගෙහිමියා කී කතාව අසා සිටි ඔහුගේ මිතුරා ‘උඹ දන්නෙ නෑ මීයන්ගෙ කපටි වැඩ. මං හිතන්නෙ නම් ඔය දවස් ටිකේම එන්ඩ ඇත්තෙ එකම මීය කියල’ යැයි මිතුරා පිටකළ ඒ වචන කිහිපයෙන් අන්දමන්ද වූ ගෙහිමියා මිතුරාගේ කතාවේ ඉතිරි කොටසද තුෂ්නීම්භූතව අසාගෙන සිට පසුව ඊට අනුව කටයුතු කිරීමට තීරණය කර ඇති බවද කියයි.
එහිදී මිතුරා ගෙහිමියාට පවසා ඇත්තේ තමන් එක් දිනක රාත්‍රියේ සිය නිවසේ අටවා තිබූ උගුලකට හසුවූ මීයකුගේ ඇඟේ තීන්ත ස්වල්පයක් තවරා යාබද කැලෑවකට නිදහස් කළ බවත් එම මීයාම එදින රාත්‍රියේද නැවතත් උගුලට කොටුවී සිටි බවට තීන්ත ආලේපයෙන් තහවුරු වූ බවත්ය. 
ඒ අනුව ගෙහිමියාද මිතුරාගේ කියමනෙහි සත්‍ය අසත්‍යතාවයද දැන ගැනීමේ අටියෙන් සිව්වැනි දින රාත්‍රියේද නියමිත පරිදි පොල් කැබැල්ලක්ද පුලුස්සා උගුල තුළට සම්බන්ධකර එය අටවා ඇති අතර ඊටද මීයකු හසුවී ඇති බවට පසුදින උදෑසන ඔහුට දැක ගැනීමට හැකි වී ඇත. මෙහිදී මිතුරා කී පරිද්දෙන් එම මීයාට සුදුපාටින්ම තීන්ත ස්වල්පයක් උගේ ඇඟේ ආලේපකර පසුව සුපුරුදු පරිදි කැලෑවට නිදහස්කර ඇති බවත් කියයි.
පසුව එදින රාත්‍රියේද ගෙහිමියා මහත් උනන්දුවෙන් නැවතත් ඇටවූ පර්‌යේෂණාත්මක උගුලටද මීයකු හසුවී ඇති බවත් එම මීයා වෙනකෙකු නොව මිතුරා කී පරිද්දෙන්ම පෙරදින තමන් තීන්ත ආලේපකර කැලේට මුදාහළ මීයාම බවට එම ආලේපයෙන් ඔහුටද තහවුරු වී ඇති බවද වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය විය.

කරුවලගස්වැව 
ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

උගුල් අටවන්න ගිහින් මීයාට ඇන්දවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site