IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


හාල් කොටාගන්න ගිහින් පටි රෝල් කරගෙන


මාවරල පී.එස්.මද්දුමගේ



මෝලකින් සහල් කොටවා ගැනීමට පැමිණි ගම්වැසියන් දෙදෙනෙකු මුහුණදුන් අලකලංචියක පුවතක් හොරගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. කථාව මෙසේය.
ගැමි පරිසරයක ජීවත් වූ තරුණ යුවළකි. දරුවෝ දෙදෙනෙක් සිටිති. ජීවත් වීමට දෙදෙනාටම කිසිදු ස්ථිර රැකියාවක් නොවීය. ගමට ආසන්නයේ පිහිටි නගරයේ තිබූ හෝටලයකට රස කැවිලි සකස් කරදීම ස්වයං රැකියාවක් ලෙස සිදුකරමින් ජීවිකාව කරගෙන ගිය මොවුනට වෙනත් ඉඩකඩම් ආදායමක් ද නොවීය. විවිධ වර්ගයේ රසකැවිලි සකස් කිරීමේ හැකියාවක් ඇති බිරිඳ දිනකට හාල් සේරු දෙකක පිටිවලින් රසකැවිලි සාදා පාසල් යන දරුවන් අතේ හෝටලයට යැවීම සිදු කළාය.


ඉතා උත්සාහ වන්තව මෙම ස්වයං රැකියාව කළ ද, ඔවුනට සහල් පිටිකර ගැනීමට පිටි කොටන යාන්ත්‍රික මෝලක් ගම තුළ නොවීය. පිටි මෝලකට යාමට කිලෝමීටර් 5 පමණ දුරක් ගොස් නගරයට යා යුතු වූ නිසා, ඒ සඳහා ගත වන කාලය අධික බැවින් රස කැවිලි සෑදීමේ දී කාලය ප්‍රමාණවත් නොවන නිසා ගෙදර ලී වංගෙඩියේ සහල් කොටා, පිටිකර ගැනීමට ඔවුහු පුරුදුව සිටියෝ ය.
මෙසේ ගෙදර පිටි කොටාගෙන රසකැවිලි සාදන වග ගම්මු දැනගෙන සිටියෝ ය. ඒ සඳහා ගෙදර යාන්ත්‍රික මෝලක්වත් ඇති බවට ගම්මු විශ්වාස කළෝය. 
කාලය මෙසේ ගෙවී යද්දී දිනක් මොවුනගේ නිවසට ආසන්න ගමක දෙදෙනෙකු පැමිණ සහල් බෑග් දෙකක් දී, “මේ සහල් ටික කොටා දෙන්නැයි ඉල්ලීමක් කළේය. ගෙදර පිරිමි පුද්ගලයා කියා සිටියේ සහල් ටික කොටා දෙන්නම්. හැබැයි පැය තුනක් විතර යාවි. කියාය. “එච්චර වෙලා ගත වෙනවද ඇයි මෝලකින් නොවෙයි ද කොටන්නේ කියා සහල් ගෙනා අය විමසීය.“ඔව් මෝලකින් තමයි කොටන්නේ. ඒක ලී මොල් ගහක්. වංගෙඩියේ තමයි කොටන්නේ යයි කී විට සහල් ගෙනා දෙදෙනා ලැජ්ජාවටත්, අපහසුතාවයටත් පත්ව “අයියෝ අපි හිතුවේ හැමදාම රසකැවිලි හදන නිසා පිටි කොටන මෝලක් ඇති කියාලයි. නගරයට ගියා නම් මෝලෙන් කොටවගෙන එන්න තිබුණා යයි පවසා ඔවුහු ආපසුයාමට පිටත් වූවෝය.



අදහස් (0)

හාල් කොටාගන්න ගිහින් පටි රෝල් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site