මොරගොල්ලාගම - සිසිර කැලේගම
අනුන්ගේ නිවෙසකට හොරෙන් දිය නාන්නට රිංගූ කතක වතුර පිටින්ම එළියට ඇද දැමූ පුවතකි මේ.
සිද්ධිය ඇසෙන්නේ වයඹ පුරවරයෙනි. එය සැකෙවින් මෙසේය.
විවාහක අඹු සැමි යුවළකි. දරුවන් දෙදෙනෙකි. සිවු දෙනා රාජ්ය සේවාවල නියැලෙති.
මේ නිසා මෙම සැප පහසු නිවහන දවල් කාලයට බොහෝ විට වසා දමා ඇත.
එහෙත් එහි දොර වසා යතුර අගුලු දමා යතුර අවට සඟවා ඔවුහු නික්ම යති. සවසට ගෙදරට පළමුව එන තැනැත්තා යතුර එතැනින් රැගෙන ගෙට ඇතුළු වෙයි.
ඒ අවට කඩවසම් අයෙකි. ඔහුගේ විවාහක බිරිය තම දරුවන් ද රැගෙන ඔහු අතහැර දමා ගොස්ය. මේ නිසා ඔහු එහි තනිවම වාසය කරයි.
එය එසේ වුවත්, ඔහු සිත් ගත් ළඳුන් කැටුව ඔහු වාසය කරන එම නිවෙසට පැමිණෙන අවස්ථා එමටය.
දිනක් ඔහු එලෙස පිටස්තර කතක රැගෙන ආවේය. ඇය ද අසාර්ථක විවාහයකින් වෙන් වූ කතකි. එහි රැඳී සිටින ඇයට දිය නෑමට අවැසිය. නමුත් ඔහුට බාත්රූම් පහසුකම් තියා වැසිකිළියක් හෝ නැත. ඇයගේ ඉල්ලීම සපල කරන්නට ඔහු උපායක් යෙදීය.
අල්ලපු ගෙදර දොර විවර කළේය. ඇය ඇතුළට දැම්මේය. ඇයට අවැසි ෂැම්පු ගෙන ඒම සඳහා ඔහු කඩේකට ගියේය. ඇය බාත්රූම් එකේ උපන් හැටියෙන් තනිවම සිත් සේ දිය නාමින් ගීත ගයමින් සිටියාය.
එහෙත්, එම නිවෙසේ කත ඒ වන විටත් කාමරයක නිදා සිටින බව ඇය නොදුටුවාය. ඒ, එදින ඇයට නිවාඩු දිනයක් බැවිනි. ඇය නාන අතරේ ගෙදර සිටි කත අවට වැසියන් කිහිප දෙනකුටම ඇමතුම් දී ගෙදරට කැඳවූවාය. ඔවුන් ලහි ලහියේ පැමිණි පසුව ඔවුන් හා එක්ව බාත්රූම් එකේ සිටි නාඳුනන ආගන්තුක කත එළියට ඇද දැමුවාය.
ටික වේලාවකට පසුව ෂැම්පු රැගෙන අනියම් සැමියා පැමිණියේය. ඇය බාගෙට දිය නාගෙනය. තුවායක් පොරවාගෙන එළියේය. ගෙදර දොරත් වසා දමලාය. වෙච්ච දේ ඇය ඔහුට කීවාය.
අනුන්ගේ ගෙවල්වලට කිසිවකුත් නැතැයි සිතා රිංගන්නට ගොස් නිවෙස් හිමි කතගේ අතටම අහු වුණු සිද්ධියෙන් ලජ්ජාවට පත් දෙදෙනාම එතැනින් ඉවතට යද්දී, රැස්ව සිටි පිරිස් “නුඹ නාඬන් නුඹ නාඬන් තොපට ඕවා හොඳ පාඩම්” යනුවෙන් කොක් හඬලා සිනාසුණාලු.
2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාන්න ගිහින් ඇදගෙන නාලා