IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අනුන්ගේ ලණු කාලා රස්සාවටත් තට්ටුවෙලා


මොරගොල්ලාගම සිසිර කැලේගම



මිතුරු කැලගේ මුසා බස්වලට රැවටී වාචාලකම් දොඩන්නට ගිය සේවකයකුට වහාම විනය පරික්ෂණයක් සදහා පෙනී සිටීමට සිදු වු සිද්ධියක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කුලියට වාහන දෙන රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන රාජ්‍ය ආයතනයකට අනුබද්ධිත ආයතනයකි.
විවිධ පෙදෙස්වලින් සේවයට පැමිණෙන උදවිය වෙති. දුර බැහැර අයට සතියේ දිනවල දිනපතා සේවයට පැමිණීම අපහසුය. මේ නිසා පිරිසක් එහි ඇතුළත හා අවට බෝඩිම්වල නැවතී සති අන්තයේ ගෙවල් බලා නික්ම ගියහ.
ලැබෙන්නට නියමිත අතිකාල දීමනා පමා වී ඇත. එය කෙසේ හෝ ඉවසා දරා සිටි සේවකයිනට මාසික වැටුපද නියමිත දිනට නොලැබුණු නිසා එහි ඇති වූවේ නොසන්සුන්තාවකි.
බෝඩිමේ පිරිස් හා ඇතුළත නැවතී සිටින අය එකට එක් වූහ.
පඩි නැතත් මත් වතුර තොල ගෑමට එක් වූහ. ආයතනයේ බොසාට එක එකා දොස් නැගූහ.


ඒ අතරේ එකෙක් කෝල් එකක් ගත්තේය.ඔහු නොනවත්වා බැන ගෙන බැනගෙන ගියේය. සියලු‍ දෙනා ඇස් කන් අයාගෙන ඒ දෙස බලා සිටිති. ටික වේලාවකට පසුව සංවාදය නිමා වුණි.
‘‘අපේ මේකා ඒ බැන්නේ කොළඹ හෙඩ් ඔපිස් එකේ ලොක්කාට. ලොක්කාගේ දත කට පූට්ටු වෙලා අවසානයේ ලොක්කාම බැරිම තැන පෝන් එක කට් කෙරුවා. අන්න කොල්ලෝ. තොපි මහ ලොකු වෘත්තිය සමිති නායකයෝ. තොපි වාගේ එවුන් පොල්පිත්තෙන් කපන්න පුළුවන්. තොපි හැමදාම ලොක්කන්ට ගොට්ට අල්ලපියව්”‍ සේවක පිරිස දුර කථනයෙන් කතා කරමින් දොස් කියූ අය වටකරගෙන වෘත්තිය සමිති නායකයෙකුට දෙහි කැපූහ.
පදම ඉක්මවා සිටි ඔහුට ද මළ පැන්නේය. ඔහුත් කෝල් එකක් ගත්තේය.
”‍හෙලෝ, ඩී.ජී.එම් ද? සර්ලා කොල්ලන්ට පඩි දෙන්නේ නෑ. වෘත්තිය සමිති නායකයෝ හින්දා අපිත් බැණුම් අහනවා. මේවා විසදන්න බැරිනම් ඔය පුටුව දාලා යන්න. අපිට පව් නොදී”‍”‍ ඔහුත් අනෙකා පරයන ලෙසට බැණ වැදුණේය.
පසු දින ඔහුට දුර කතන ඇමතුමකි.
”‍තමුසේ ඊයේ රෑ පදමට වෙරි වෙලා කාටද බැන්නේ. වහාම කොළඹට එනවා. ඇවිදින් කතා කරමු”‍
ඔහුට තරු පෙනුණේය. අනිත් සගයා ලොක්කාට කියා බැන ඇත්තේ හිතවතෙකුටය. නමුත් එයට සවන් දුන් මොහු ගොනාට අන්දවා ඇති බව වටහා ගත්තේය. වෙච්ව වැරැද්දට සමාව ගන්නට කියා හෙතෙම ආයතනයෙන් නික්ම ගියේ තම ඇසුරේ සිට තමන්ටම වළ කැපූ මිතුරන්ට දෙස් දෙවොල් තබමින්ලු‍.



අදහස් (0)

අනුන්ගේ ලණු කාලා රස්සාවටත් තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site