IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


තුවාලයට බේත් ගන්න ගියාම දුම් අල්ලලා


කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



කකුලේ ඇතිවුණු දරුණු තුවාලයකට බෙහෙත් ගැනීමට ගිය රෝගියකුට දුම් ඇල්ලීම නිසා වෛද්‍යවරයාට “ශුද්ධ ඉංග්‍රීසියෙන්”‍ ඇමතු කතාවක් රජරට පළාතේ රෝහලකින් අසන්නට ලැබුණි. 
කතාව සැකෙවින් මෙසේය.
එය උතුරු මැද පළාතට අයත් රජයේ රෝහලකි. තරමක් ග්‍රාමීය පෙදෙසක උප නගරයක මෙම රෝහල පිහිටා ඇත. එදින වයස අවුරුදු හැත්තෑවකට ආසන්න ගැමියෙකුගේ කකුලේ දරුණු තුවාලයක් ඇතිවීම හේතු කොට ගෙන එම වයෝවෘද්ධ තැනැත්තාගේ මුනුබුරෙකු විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන මෙම රෝහල වෙත ඥාතී රෝගියා කඩිමුඩියේ රැගෙන ආවේය. 
එම රෝහලේ සේවිකාවන් දෙතුන් දෙනෙකු හරියාකාරව පැවරුණු රාජකාරීයක් නැතිව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය කා දමනු මුනුබුරාට පෙනුණි. වෛද්‍යවරයාද රෝගියෙකු තමන් කරා පැමිණෙනතුරු ජංගම දුරකතනය සමඟ සමීප ඇසුරක් පවත්වමින් සිටිනු දක්නට ලැබුණි.
අප කියන මෙම මුනුබුරා විදේශීය රටක වසර ගණනාවක් ජීවත්ව සිට මීට සතියකට පෙර ලංකාවට පැමිණ සිටි අයෙකි. 
ඔහු ජීවත් වූ රටවල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෞරවනීය සේවය මෙනෙහි කරමින් ඔහු ආචාරශීලීව වෛද්‍යවරයා අමතා තම සීයාගේ කකුලේ තුවාලය පිළිබඳ සැල කළේය. 
වෛද්‍යවරයා ඔහු දෙස හෝ තුවාලකරුවා දෙස සුළු මොහොතකට වත් නොබලා කොළයක් රැගෙන මොන මොනවාදෝ ලියා ඔහුට දුන්නේය.
ඔහු සීයාද වත්තම් කරගෙන කාර්යාලයෙන් එළියට පැමිණ බෙහෙත් දමන කාමරය යැයි සටහන් කර තිබූ ස්ථානයක වාඩිවිය. එකෙනෙහිම එම ස්ථානයට වෙනත් රෝගී කාන්තාවක් රෙද්දකින් හිස වසාගෙන පැමිණ සිටියාය. 
සීයා වේදනාවෙන් කෙඳිරිගාමින් තම කකුල අතගාන්නට පටන් ගත්තේය. රෝහල් සේවිකාවක් හෝ සේවකයෙක් පෙනෙන්නට නොසිටි බැවින් මුනුබුරා රෝහලේ විපරමින් ඔබමොබ ඇවිද්දේය. 
මඳ වේලාවකට පසු මුනුබුරා නැවත සීයා කරා පැමිණෙන විට සීයා පෙනෙන්නට නොසිටියේය. ඔහු කාමර කීපයකට එබිකම් කර බලන විට එක කාමරයක් තුළ සීයාගේ මුහුණට දුම් අල්ලන යන්ත්‍රයක් සවිකොට ඔහුට දුම් අල්ලමින් සිටිනු දුටු මුනුබුරා මහත් සේ කලබලයට පත් වී වහාම එම ක්‍රියාව නතර කරන ලෙස සේවිකාවට පැවසීය. 
සේවිකාව කොළය පෙන්වා “මේක ඩොක්ටර් තමයි ලියලා තියෙන්නේ”‍ කීවාය. 


අසූ හාරදාහට තද වුණු මුණුබුරා වෛද්‍යවරයාගේ කාමරයට කඩා පැන්නේය. සිංහලෙන් ඇමතීම පසෙක තැබූ මුනුබුරා “ශූද්ධ ඉංග්‍රීසියෙන්”‍ වෛද්‍යවරයා ඇමතීය. 
මුනුබුරාගෙන් සමාව ඉල්ලූ වෛද්‍යවරයා දුම් ඇල්ලීමේ ක්‍රියාව වහාම නතර කිරීමට උපදෙස් දී සීයාගේ තුවාලයට යහමින් බෙහෙත් කර එව්වාලු‍.
දැන් ගම්පළාතේ උදවිය සීයා දකින විට “සීයේ දුම් ටිකක් අල්ලමුද”‍ යනුවෙන් අසන බවත්, එවිට සීයා “දුම් නෙවෙයි, අල්ලපියව් මගේ”‍ යනුවෙන් පවසන බවද දැනගන්නට ලැබුණි.

 



අදහස් (2)

තුවාලයට බේත් ගන්න ගියාම දුම් අල්ලලා

vernon Wednesday, 25 June 2025 09:24 AM

මේ කතාව පිළිගන්න බෑ. මොකද රෝගියාට කතා කරන්න පුළුවන් නම් වෛද්‍යවරයා රෝගියා එක්ක කතා කරලා බලලා තමයි ප්‍රතිකාර ලියන්නේ. ලිපිය පටන් ගන්න තැන ඉඳන්ම මේ තැන ගන අප්‍රසාදයක් වෙන විදිහටත් මේ පුද්ගලයා ලොකු කෙනෙක් කියලා පෙනෙනෙ විදිහටත් තමයි ලියලා තියෙන්නේ. ප්‍රතිකාර ගන්න රෝගීන් නැත්නම් වෛද්‍යවරයා දුරකථනය භාවිතා කරපු එක වැරදියි කියන්න ඒකේ ඇලී ගැලී ඉන්න විදිහට ලියලා. මේ විදිහට රටේ සෞඛ්‍ය සේවය අවතක්සේරු වෙන විදිහේ ප්‍රචාර යවන එක හොඳද?

:       4       8

mangalaThursday, 26 June 2025 03:04 PM

පිළිගන්න තමයි වෙන්නේ ලංකාවේ රජයේ සහ පුද්ගලික ව්‍යාපාර බොහොමයකම තත්වේ ඔහොම තමයි. අනිවාර්‍යයෙන් දුරකථන පාවිච්චිය සීමා නොකරන තාක් ඔයවගේ සිද්ධි ඉදිරියටත් වෙයි. සේවාවක් ලබන්න එන කෙනා ඉස්සරහා කිසිම අවධානයක් නැතුව ෆෝන් පාවිච්චිය අනෙකුත් සේවකයින් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම හොඳ සේවාවක් සැපයීමක් නෙවෙයි. අනෙක තමයි සේවාව සපයද්දී පවා වෙන අයෙක් සමඟ කතා කිරීම කිසි සේත්ම ගුණාත්මක සේවා සපයන්නකුගෙන් බලාපොරොත්තු නොවිය යුතුයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site