IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


බත් පතට දොස් කී සැමියාට රිලවුන්ගෙන් යස පාඩමක්

නිවසේ බිරිඳ දැඩි වෙහෙසක් දරා පිස දෙන  බත් පතටත් නිතර දොස් කියන සැමියකුට රිළවකු නිසා දවස පුරා බඩගින්නේ සිටීමට සිදුවූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ  කුඩා නගරයක් ආසන්නයේ පිහිටි සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ දරුවන් තිදෙනකුද සිටින අඹු සැමියෝ ජීවත් වූහ. දරුවන් පාසල් යන අතර දිවා කාලයේ නිවසේ රැඳී සිටින්නේ මෙම යුවළ පමණි
සැමියා සුළු රැකියාවන් සඳහා නිවසින් ගොස් සවස් වෙද්දී නිවසට ඒම පුරුද්දක් කර ගෙන  සිටියේය. සුළු දේකටත් බිරිඳ සමඟ රණ්ඩුවට යන  සැමියාට බිරිඳ හදන රසමුසවුළුද පෙනුනේ තිත්ත කසායක් ලෙසය. ඒ නිසාම ඇය හදන තේ එක, බත් පත හෝ වෙනත් ඕනෑම කෑමක් කටට ගන්නටත් පෙර ඔහු බිරිඳට බැන වදින්නේ මේවා කන්න පුළුවන් කාටද? සතුන්ටවත් මේවා කන්න පුළුවන්ද? යනුවෙන් බැන වදිමිනි. 
බිරියද සැමියාගේ මේ කෝලම ඉවසා ගෙන සිටියත් ඇයත් ඇතැම් අවස්ථාවල සැමියාගේ මේ පදනමක් නැති කතාවට එකට එක කියන්නට ගියාය.


මෙම අඹු සැමියන් පදිංචි නිවසට මඳක් නුදුරින් කුඩා ප්‍රමාණයේ කැලෑ ප්‍රදේශයක් පවතින බැවින් මෙම ගමටද නිතර රිළවුන්ගේ පැමිණීම සිදු වෙයි. රිළවුන් ගම තුළට එන්නේ රංචු පිටින්ය. එවන් අවස්ථාවන්වල මෙම  නිවසටද රිළවුන් ඇතුළුවීමත් වහල උඩ පිනුම් ගැසීමත් සාමාන්‍ය  සිදුවීමකි. 
මෙම බිරිඳ සිය සැමියා සහ දරුවන්ද වෙනුවෙන් විශේෂ  දිවා භෝජනයක්  සකස් කළාය. එදින ඇය ගම අසල පිහිටි කුඩා නගරයට ගොස් කුකුළු මස් ඇතුළු අඩුම කුඩම රැසක් ගෙනැවිත් මෙම විශේෂ  භෝජනය සිය දරුවන් සහ සැමියා වෙනුවෙන් සකස් කළාය.
 ඒ වනවිට සැමියා නිවසින් පිටව ගොස් සිටි බැවින් සහ ඔහු පැමිණීමට හවස් වන බව දන්නා නිසා කෑම සකස් කිරීමෙන් පසුව  බිරිඳ සැමියාට බත් පිඟානක් බෙදා තැබීමෙන් අනතුරුව ඉතිරි බත් දරුවන්ට බෙදා දී ඇයද බත් අනුභව කළාය. 
දහවලට මඳක් ප්‍රමාද වී  නිවසට පැමිණි සැමියා ඇඟ පත සෝදා ගෙන නිවසට ඇතුළුවෙත්ම බිරිඳ ඔහු වෙනුවෙන් බෙදා වෙන් කර තිබූ බත් පිඟාන සැමියා වෙත පිළිගැන්වූවාය. බත් පිඟාන දෙසවත් නොබැලූ සැමියා සුපුරුදු පරිදි බත් පිඟාන පිල මත තබා මේවා කාටද කන්න පුළුවන් රහට කෑම එකක් කාලා මාස කීයක් වුනාද වැනි ගෝරනාඩුවක් දමමින් සිටියේය. 
මේ වන විට රිළවු රංචුවද මෙම නිවස අසල හොර ගල් අහුලමින් දුව පනිමින් සිටියහ. එක් හැඩි දැඩි රිළවකු පැමිණ සැමියා පිල මත තබා තිබූ බත් පිඟාන උස්සාගෙන දිව්වේය. රිළවා උස්සාගෙන දිව් බත් පිඟානේ තිබූ බත්, කුකුළු මස්  ඇතුළු මාළු  ව්‍යංජන සියල්ල බිම වැටී ඉහිරි ගොස් තිබිණ. ඒවා ඒ වන විටත් පස් වැලි සමඟ මිශ්‍ර වී තිබූ  අතර රිළා රංචුව එහි රස බලමින් සිටිනු දැකිය හැකි විය. 
 බත්වලින් අමුතු සුවඳක් හමනු දැනුනු සැමියා ඒ දෙස විපරම් කර බලද්දී බිරිඳ අද සාදා ඇත්තේ විශේෂ භෝජනයක් බව අවබෝධ කර ගත්තේය. ඒත් ඒ බත කන්නට ඔහුට වරමක් නොවීය. ඔහු බිරිඳගේ කනට කර වෙන බත් නැද්දැයි ඇසීය. විශේෂ බතක් සකස් කළ  නිසා නිවසේ අයට ප්‍රමාණවත් ප්‍රමාණයට පමණක් සකස් කළ නිසා වෙනත් බත් නොතිබූ අතර  මාන්නයෙන් හිස උදුම්මාගෙන සිටි සැමියාටද එදින රාත්‍රි ආහාරය සකස් කරන තෙක් බඩගින්නේ සිටීමට සිදු විය. එදා පටන් කිසිදු දිනෙක සැමියා බිරිඳගේ කෑමවලට දොසක් කිව්වේ නැත.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

 



අදහස් (0)

බත් පතට දොස් කී සැමියාට රිලවුන්ගෙන් යස පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site