කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
මනාලිය බැලීමට ගිය මනාලයාට පිරිනැමුණු බුලත් හෙප්පුවෙන් ගංජා මතුවීම නිසා මගුල නැවතුණ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
එම ගමේ වෙසෙන තරුණියකට පිට ගමකින් මගුලක් සොයා ඇත්තේ ගමේ කිසිවකු එම පවුලට සම්බන්ධවීමට අකමැති හෙයිනි. හේතුව එම තරුණියගේ අයියා ගංජා අලෙවි කරන බවට ගම පුරා ප්‍රචලිත බැවිනි.
අවස්ථා රැසකදීම පොලිසියට ඔහු කොටු වී දඩ කා හිරේ ලැග විටින් විට පැමිණ ඇත. පිට මිනිස්සු කෙසේ වෙතත් තමන්ගේම නෑදෑයන් පවා හදිසියකට වත් ඒ ගෙදරට ගොඩ නොවන්නේ කොයි මොහොතේ පොලිසියෙන් පනී දැයි බියෙනි.
ඒ හෙයින් බොහෝ දුර පළාතක තරුණියට වඩා ගොඩක් වැඩිමල් තරුණයකු සොයා ගෙන ඇති අතර එම පවුලේ උදවිය මේ පවුල සම්බන්ධයෙන් ගමේ අය කියන කතා පිළිබඳව ඔහුන්ගෙන් කළ විමසීම් වලදී පවසා ඇත්තේ ගමේ මිනිස්සු තරහට ඊර්ෂ්‍යාවට කතා කියන නමුත් තරුණියගේ අයියා ව්‍යාපාරයක් ලෙස මල් බිස්නස් එකක් කරන බවය. පසුව තරුණයාගේ පවුලේ උදවිය තරුණිය බැලීමට දින නියම කරගෙන ඇයගේ නිවසට පැමිණ තිබේ. මේ අතර ගංජා බිස්නස් කරන ඇයගේ අයියා එදා අලෙවි කිරිමට තිබූ ගංජා පැකට් කිහිපයක් බුලත් කොළ රැසක් තිබූ හෙප්පුවේ සඟවා ඇත්තේ කවුරුන් හෝ පැමිණ පසු අලෙවි කිරිමටය.
පවුලේ උදවිය ඔහුට මෙම මගුල සම්බන්ධයෙන් නොකියා ඇත්තේ ඇයට මගුලක් හරි නොයෑමට ප්‍රධාන හේතුව ඔහු නිසා බැවිනි. ගංජා බිස්නස් එකට අමතරව ඔහු ත්‍රිවිල් හයර් කරන අතර හවසට හෝ හදිසියේ නිවසට පැමිණ ආපසු යන බැවින් ඔහුට මේ පිළිබඳව කිසිවක් නොකියා ඇත්තේ ඒ පිළිබඳව ඇසුවොත් මොනවා හරි කියන්නටය.
මේ අතර මනාල පාර්ශවයේ අය නිවසට පැමිණ ඇති අතර, ඔහුද අතේ තිබූ ගංජා ඉවර බැවින් ගංජා රැගෙන යාමට නිවසට පැමිණ තිබේ. විට කෙළ ගැසීමට නිවසේ එළියට පැමිණ සිට මනාලයාගේ තාත්තා දුටු ඔහු “අයියා පැකට් කීයක්ද ? යැයි අසා ඇත්තේ මේ පිළිබඳව කිසිවක් නොදැනය. අන්දුන්කුන්දුන් වෙන මනාලයාගේ පියා ගණන් නොගත් ඔහු නිවසට ගොඩව ඇත්තේ හෙප්පුවේ ඇති ගංජා ටික රැගෙන යාමටය.
මේ අතර මනාලයාට හෙප්පුව දෙන සිය නැගණිය දුටු ඔහු වහා පැන එය නතර කර ඇත්තේ එතුළ ඇති ගංජා පැකට් ටික නිසාය. කලබලයෙන් හෙප්පුව උඩ ගොස් බිම වැටී ඇති අතර බුලත් සමග ගංජා පැකට් මනාලගේ හිසේ සිට පහළට වැටී තිබේ. කාරණය අවබෝධ වූ මනාල පාර්ශවයේ පැමිණි පිරිස ඔහුන්ට දොස් නගමින් ගොස් ඇත්තේ “අයියගේ මල් බිස්නස් එක මරු” යැයි කියාය.
2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙප්පුවෙන් ගංජා මතුවී මගුලත් කැඩිලා