නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේව කරුවෙකුට ගුරුකම් කිරීමට ගිය නිවැසියන්ගෙන් බඩකට පුරා ගුටි කෑමට සිදුවූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
දකුණේ ප්‍රසිද්ධ ඇදුරෙකුගේ ගෝලයකු වූ සෝමපාල තරමක් කටකාර තමන් හැම දෙයක් ගැනම දන්නා බව හඟවන කපටි පුද්ගලයෙකි. ඔහු ඇදුරා නොමැති තැන්වලදී තමන්ට තම ගුරුවරයා විසින් යන්ත්‍ර මන්ත්‍ර සාත්තර හා ගුරුකම් පිළිබඳව හැම දෙයක් කියා ඇති බවත්, ඔහුගෙන් පසුව එම කටයුතු කිරීමට බාරදෙන බව පවසා තිබෙන බවත්, ඒවා ගැන විශ්වාස කරන අයට කියා ඇත.
එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අවස්ථාවලදී ආවතේව කටයුතු ඉතා කඩිසරව කිරීම නිසා ඔහුත් ඇදුරා තරම් දැනුමැති අයකු ලෙසත් ගම්වාසීන්ගේ විශ්වාසයක් පවතී.
ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු දුටුවහොත් ඇදුරා කියන මන්ත්‍ර හා කවි මහා හයියෙන් කියන්නේ සෙසු අයගේ අවධානය යොමු කරගැනීමටත් තමන්ද ඇදුරා මෙන්ම දක්ෂ අයකු බව ඇඟවීමටත්ය.
ඉකුත් දිනක අවට ගමක තරුණ කාන්තාවකට හදිසි උමතු රෝගයක් හැදී තිබුණු නිසා එය සුව කිරීම පිළිබඳව ප්‍රකට එම ඇදුරාගේ නිවසට, රෝගී කාන්තාවගේ සැමියා පැමිණියත් එදින ඇදුරා ගමනක් ගොසිනි. ආවතේවකරු සිටි නිසා තම බිරිඳගේ රෝගී තත්වය ඔහුට කියා තිබේ. ඇදුරකු වීමට සිහින මවමින් සිටි ඔහුට මෙය කදිම අවස්ථාවක් විය. අද නම් ගුරුන්නාන්සේ එනකොට පරක්කුවෙයි. කෝකටත් ගිහින් නූලක්වත් බඳිමු යැයි සැමියාට කියමින් ඇවැසි ආම්පන්න ටිකකුත් රැගෙන රෝගියාගේ නිවසට පැමිණ ඇත.
එම නිවසට පැමිණි ආවතේවකරු මල් පහන් පුවක් මලක් ගොක් අත්තක් යනාදිය සූදානම් කරන ලෙස එතැන සිටි අයට කියා රෝගී කාන්තාවගෙන් සුවදුක් විමසා ඇත. ලෙඩාගේ තත්වය බරපතළ බවත් පමා නොකර නූලක් බැඳිය යුතු බවත් පවසා මැතිරීමේ කටයුතු පටන් ගත්තේය.
ටිකෙන් ටික රෝගියාගේ තත්ත්වය උත්සන්න වූ අතර ආවතේවකරුද තමන් දන්නා මන්ත්‍ර මහ හයියෙන් කියමින් ජප කරන අතරතුර ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි නිවසේ තරුණයන් කීපදෙනකු මොහු දන්නා යන්ත්‍ර මන්ත්‍රයක් නොමැති බව වටහා ගෙන සූදානම් කර තිබුණු මල්පහන් වට්ටිය හා කහදියර හට්ටිය රැගෙන බොරු ඇදුරාගේ හිසට ගසා ඇත. එම සැනෙන්ම එතැන තිබුණු පුවක් මල අතට ගත් රෝගී කත පුවක් මල කැඩෙනතුරුම ගසා තිබේ. තරුණ පිරිස ද අතින් පයින් පහරදී මීට පස්සේ දන්නේ නැති දේවල් කරන්න එපා කියමින් එම නිවසින් එළවා දමා තිබේ. එදා පටන් ඔහු ආවතේව කටයුතුත් නවතා දමා ගම හැර ගොස් ඇත.
මුලටියන එස්. බාලසූරිය
2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා