IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


හෙල්මටයක් දාගෙන පා පැදියේ ගිහින්


කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



නිවසේ සිට උදෑසන සැමියා සමග සිය සේවා ස්ථානයට රැකියාවට ගිය තරුණ කාන්තාවක සවස වැඩ ඇරී හෙල්මටයක් පැලඳ පාපැදියකින් ආපසු නිවසට පැමිණි පුවතක් වයඹ පළාතේ උතුරු දිසාවට අයත් ප්‍රදේශයකින් පසුගිය දිනක අසන්නට ලැබුණි.
අමතකවීමකින් සිදුවූ බව කියන මෙම සිද්ධිය හේතුවෙන් අපහසුතාවට පත්වූ බව කියන එම කාන්තාව දින දෙකක්ම සිය සේවා ස්ථානයට නොගොස් නිවාඩු පිට නිවසටම වී සිටීමට වගබලාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
අදාළ සිද්ධියට මුහුණ දුන් කාන්තාව සිය නිවසේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරකින් පිහිටි පෞද්ගලික ආයතනයක සේවය කරන්නියක වන බවත් ඇගේ සැමියාද ඇගේ සේවා ස්ථානය පසුකර තවත් කිලෝ මීටර් පහක පමණ දුරක් ගිය විට පිහිටි පෞද්ගලික ආයතනයක සේවය කරන අයකු බවත් කියයි.
ඒ අනුව මෙම අඹුසැමි යුවළ දෙදෙනාගේ රැකියා ස්ථානවලට යාම සහ ආපසු නිවෙසට පැමිණීමේ ප්‍රවාහන කටයුත්ත විශේෂ හේතුවකට හැර වසර කිහිපයක සිටම එකම යතුරු පැදියකින් සිදුකර ගන්නා අතර එය දෙදෙනාටම පහසුවක් මෙන්ම සතුටටද හේතුවක් වී තිබේ. 
මෙහිදී යතුරු පැදිය පදවන සැමියා උදෑසන බිරියද එහි නංවාගෙන ගොස් ඇගේ සේවා ස්ථානය අසලින් බස්සවා ඔහු ඔහුගේ සේවා ස්ථානයට යන අතර සවස වැඩ ඇරී ආපසු එන ගමන් බිරියද රැගෙන නිවසට එයි. කාලයක සිට සිදුවන මෙම ක්‍රියාවලිය විවිධ හේතුමත කලාතුරකින් සිදු නොවන අවස්ථාද ඇති අතර එවිට දෙදෙනා ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් භාවිත කිරීමටද පුරුදුව සිටිති.
මෙදිනද අදාළ කාන්තාවට සිය සේවා ස්ථානයේ සිට නිවසට යාමට විකල්ප ක්‍රමවේදයක් භාවිත කිරීමට සිදුවී ඇතැයි පැවසෙන්නේ තම සේවා ස්ථානයේ අමතර වැඩක් යෙදී ඇති බැවින් තමන් ආපසු පැමිණෙන විට තරමක් ප්‍රමාද විය හැකි බවට ඇගේ සැමියා ඇයට දුන් හදිසි දුරකතන ඇමතුමක් නිසා බවද කියයි.
මෙවැනි අවස්ථාවලදී බොහෝ විට ඇය කරනුයේ උදේ යතුරු පැදියෙන් පැලැඳ ආ හෙල්මටයත් රැගෙන සේවා ස්ථානය ඉදිරිපිට මාර්ගයට වී සිටින අතර එවිට තම ගමනාන්තය දෙසට යන දන්නා කියන අයකු පැමිණියහොත් ඒ අයකු සමග තම ප්‍රවාහන අවශ්‍යතාව සපුරා ගන්නා අතර, නොඑසේ නම් ඇය තම සේවා ආයතනයේ ඇති භාවිතයට ගන්නා පාපැදිය රැගෙන නිවසට ගොස් පසුදින එම පාපැදියෙන්ම වැඩට එන අවස්ථාද ඇති බවත් කියයි.


මෙදිනද වැඩ ඇරී නිවසට යාම සඳහා ආයතනයේ පාපැදිය භාවිතකර ඇති ඇය තමන් උදේ සැමියා සමග යතුරුපැදියෙන් එද්දි පැලඳ ආ හිස්වැසුම වෙනදා මෙන් පාපැදියේ ඉදිරිපස කූඩයේ බහාගෙන යනවා වෙනුවට ආයතනයෙන් පිටතට විත් එය තම හිස පැලඳගෙනම පාපැදියට නැගී නිවසට පැමිණ ඇති බවද කියයි.
මෙහිදී හෙල්මටයක් පැලඳ පාපැදියකින් මහ මග යන කාන්තාව දුටුවන් අතර ඇය හඳුනන්නෝද නොහඳුනන්නෝද බොහෝ සිට ඇති බවත් ඒ අතර ඇගේ සැමියාද සිට ඇති බවත් කියයි. 
ඔහු සිය ආයතනයෙන් තමන්ට පැවැරූ අමතර රාජකාරිය කඩිනමින් අවසන්කර කඩිනමින්ම බිරියගේ සේවා ස්ථානයට පැමිණ ඇති බවත් එහිදී බිරිය පාපැදියෙන් නිවසට ගොස් ඇති බව දැනගත් ඔහුද බිරිය ගිය මග දිගේ ඉදිරියට යතුරුපැදිය ධාවනයකර ඇති බවත් කියයි.
එහිදී හෙල්මටයක් පැලඳගෙන තමන්ට ඉදිරියෙන් පාපැදියෙන් යන බිරිය හඳුනා ගෙන ඇති සැමියා ඒ බවක් බිරියට නොහඟවා ඇය නිවසට යනතුරුම ඔහුද ඇය පසුපසින් තනියම සිනාසිසී සෙමින් යතුරු පැදිය ධාවනය කර ඇති බවත් කියයි.

 



අදහස් (3)

හෙල්මටයක් දාගෙන පා පැදියේ ගිහින්

Vis8 Friday, 04 July 2025 04:41 AM

ඉතාමත් හොඳ පුරුද්දක්... තමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පළමුව සිතිය යුතු

:       0       24

ගුණරත්න Friday, 04 July 2025 09:05 AM

පාපැදි පදිනකොට හෙල්මට් දානවා නම් හොඳයි, මොකද වැටිලා තාර පාරේ ඔලුව වැදුනොත් බලන් ඉන්න උන්ට නෙවේ නේ වේදනාව

:       0       22

Tissa senanayake Friday, 04 July 2025 02:09 PM

මම දන්නා බොහෝමයක් දියුණු රටවල පාපැදිය සඳහාද හෙල්මටය නීතියෙන් අනිවාර්යයි...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site