IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෙඩා බලන්න ගියාම හොදවැයින් සංග්‍රහයක් දීලා

ගම්බද පෙදෙස්වල අයට ඇත්තේ පුදුමාකාර බැඳීමකි. කෙනෙකුගේ සැපතට වඩා දුකේදී එකිනෙකා එක්ව ඔවුනගේ දුකට පිහිට වෙන අවස්ථා  එමටය.
මේ එලෙස ධනවත් පවුලක දුක බැලීමට ගිය අවට සිටින දුප්පත් පවුලකට අත් වූ අකරතැබ්බයකි. එය ඇසෙන්නේ ගල්නෑව මහවැලි ජනපදය අවට  ප්‍රසිද්ධියක් උසුලන පෙදෙසකිනි.
ගමේ පිනට දහමට පොදු වැඩවලට සහාය දෙන  අඹු සැමි යුවළ අතරේ සිටි සැමියා හදිසියේ මිය ගියේය.
එහෙත් තනි වූ බිරිය එම කාර්යය අත හැරියේ ද නැත. ඇයත් නොසිතූ ලෙසට  ලෙඩ වූවාය. ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවාය. ලෙඩේ පවුලේ අයට මෙන්ම ගමට වසන් කිරීමට  දරුවෝද ද, ඔවුහු අතිනත ගෙන සිටින අයද වෙහෙස දැරූහ. එහෙත් නැවතී සිටින වාට්ටුවෙන් වැළඳී ඇති ලෙඩේ කුමක් ද යන්න ගමේ බොහොමයකට රහසක් නොවුණි.
ඇය හිටි හැටියේ රෝහලෙන් ටිකට් කපාගෙන ගමට ගෙනාවාය. ඇය මුල් නිවසේ නොව පුතාගේ නිවසේ නතර කළාය.


අවට සිටි පිරිසක් වැවෙන් මාළු මිලදී ගත්හ. ඉඳි ආප්ප හැදුවාය. මාළු‍ සමඟ ඉඳි ආප්ප රැගෙන රෝගියා සිටින නිවසට සවස් යාමේ දී ගොඩ වූහ.
එතැන එම පුතා ඔහුගේ බිරිය හා දියණියෝ ද විවාහක සැමියන් කැටුව රැඳී සිටියහ.
‘‘අනේ අපි අක්කා බලන්න රෝහලට යන්න හිටියට ‘‘පාස්”‍ නැතිව බලන්න බැරි නිසා තමයි රෝහලට ගියේ නැත්තේ. අක්කා ගෙනාවා කියලා දැන ගත්තා. ඉතිං අක්කා වැව් මාළු‍ත් එක්ක ඉඳි ආප්ප කන්න කැමැතියි නේ. ඒ හින්දා තකහනියෙන් මේ එව්වත් හදාගෙන මමයි, මහත්තයි පොඩි වුන් එක්ක මේ ආවේ”‍ අවට නිවසක අම්මාගේ හිතවත් මිතුරියක ගෙනා දේ මේසය මත තබමින් එසේ  කීවාය.
සැමියා හා දරුවන් ඒ වනවිටත් ගෙට ගොඩ වී නැත. ඔවුන් තවමත්  මිදුලේය.
‘‘මේ අම්මාට කන්න දෙන්න අපිට තවම අහේනියක් නෑ. අනික ඔයාලත් ජීවත් වෙන්නේ අමාරුවෙන් නේ. අම්මාට කෑම දෙන්න හොඳ නෑ. දියර විතරයි දෙන්නේ. ඒ  නිසා මේ ගෙනාපුවා අපි කන්නෙත් නෑ. අපේ ළමයි කන්නෙත් නෑ. අපරාදේ නේද විසි කරන්නේ. ඒවත් අරගෙනම යන්න”‍
ගෙට ගෙනා බඳුන් මේසය මත තැබු  සැණින් රෝගි මවගේ දියණියක පැමිණි කත අමතා කීවාය.
‘‘ඒක තමයි ඔව්වා අරන් යන්න.”‍ අනිත් අය ද එසේ අනුබල දෙද්දී කේන්තිය ඉහ වහා ගිය කෑම ගෙනා බිරියගේ සැමියා ‘‘ඕක උයලා කන්න දෙනකම් තමුසෙට පුදුම උණක් නේ තිබුණේ. තවත් ඔතැන ළතවෙන්නේ නැතිව වර යන්න”‍ යැයි සැරෙන් කියද්දී
ඇය කිසිත් කර කියා ගත නොහැකිව ගෙනා බඳුන් ආපසු අතට ගෙන ගෙයින් පිටතට යාමට එළියට බහිනවාත් සමඟම සිත් පිත් නැති නිවැසියෝ ‘‘දඩාස්”‍ ගාලා දොර වසා දැම්මාලු‍.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

ලෙඩා බලන්න ගියාම හොදවැයින් සංග්‍රහයක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site