සැමියාගේ උපන් දිනයට බිරිය සකසා දුන් බත් පාර්සලයෙන් සැමියාගේ සායම සේදී ගිය පුවතක් මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිම් ඉසව්ව අවට ගම්මානයකින් ඇසුණි.
විවාහක සැමියා රාජ්‍ය ආයතනයක සේවය කරන අතර බිරියද වෙනත් ප්‍රදේශයක සේවය කරන්නීය.
නිවසට සති අන්තයේ එන සැමියාගේ හැසීරිම් රටා වෙනදට වඩා වෙනස්ය.
ඒ දෙස විමසිල්ලෙන් පසු වූ බිරියට ඔහුට අනියම් බිරියක සිටින බවත්, ඇයගේ උපන් දිනයද ඔහුගේ උපන් දිනයටම යෙදී ඇති බවත් විවාහක බිරිය දැන ගත්තාය.
කෙසේ හෝ සැමියාගේ උපන් දිනයට දරුවන් හා බිරිය කේක් කැපූහ. සුබ උපන් දිනයකට ආසිරි පැතූහ.
දහවල් කාලයේ ඔහු සේවයට යාමට නියමිතය.
එදින තම සැමියාගේ උපන් දිනය නිමිති කරගෙන විවාහක බිරිය සේවයට නොගියාය.
‘‘අනේ මේ ආයතනයේ අපට බෙදාගෙන කන්න බත් පාර්සලයක් හදලා දීලා අසරණ කෙනකු ඉන්නවා එයාටත් වෙනම කෑම පාර්සලයක් හදලා දෙන්න”සැමියා බිරියට ආයාචනා කළේය.
ඊට අවනත වූ ඇය එලෙසටම කෑම පාර්සල් දෙකක් හැදුවාය.
ඇය රසවත් කෑම හැදීමට හපනියකි. ආයතනයේ සැවොම ඒ බව දනිති. ඒ නිසාම ඇය එවන කෑම ජාති රස බැලීමට ආයතනයේ සේවකයෝද සැදී පැහැදී සිටිති.
ඇය සකසා දුන් කෑමත් රැගෙන ඔහු සේවයට ගියේය.
රස කෑම භුක්ති විඳපු සේවකයින්ගෙන් බිරියට සුබ පැතුම් එන අතරේ සැමියා කෝපයෙන් මෙන් ඇයට ඇමතුමක් දුන්නේය.
‘‘මේ අහන්නකෝ, ඔයා අර අසරණයාට හදපු කෑම පාර්සලේ ව්‍යාංජන මොකුත් නෑනේ. බත් විතරයිනේ. මාර ලැජ්ජාවක් වුණේ” සැමියා කීවේය.
‘‘මිනිහෝ මේ අහනවකෝ. මම කෑම හැදුවේ ඔයාගේ උපන් දිනයට විතරයි. තමුසෙගේ සක්කර වට්ටමෙත් උපන් දිනය අදනේ. ඒකි මගේ රස කෑම වේල කන්න කට ඇරගෙන බලාගෙන ඉන්න ඇති නේද? දෙනවා මං ඕකිට කන්න හොඳ කෑම වේලක්. බලාගෙන ඉන්න කියනවාකෝ.” ඇය තොරතෝංචියක් නැතිව කියාගෙන කියාගෙන ගියාය.
කෙසේ වෙතත් මොහුගේ කෑම පාර්සලය අනියම් බිරිය තවත් හිතවතුන් පිරිසක් හා එක්ව කෑමට සූදානම් වෙද්දී මේ අකරතැබ්බය දැක ඇය ලැජ්ජාවට පත්ව අනියම් සැමියාට දොස් නැගීමේදී ඔහු වෙච්ච දේ ගැන සැබෑ බිරියගෙන් ඇසීමට යාමේදී තුන් කට්ටුවේ සංවාදය ආයතනයේ අයටද රහසක් නොවුණ තැන ඔහු ලැජ්ජාවට පත්ව අසරණ වුණාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බත් පාර්සලයෙන් සායම සේදෙයි