IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුට්ටිය මාරු වී වැසිකිලිය බදු අරන්

මිතුරන් දෙදෙනකුගේ සාජ්ජයකින් පසුව, එක් මිතුරකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට පත්වීමේ කතා පුවතක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැමි ගම්මානයකින් අසන්නට ලැබේ. කථාව මෙසේය.
මිතුරන් දෙදෙනාගේ ජීවන වෘත්තිය හේන් ගොවිතැනය. දෙදෙනාම විවාහකයෝ  වූහ. අල, බතල, කුරහන්, තල, මුං, කව්පි ආදී දේ වගා කරන මොවුන් කිතුල් මල් මැදීමද, පැණි සෑදීමද  ආදායම් සොයා ගැනීමට මාර්ගයක් කරගෙන තිබුණි.
හේන්ගොවිතැන් කරන මොවුන්  තමන්ගේ දවසේ ගිමන් නිවා ගැනීමටත්, පොඩි පහේ විනෝදයක් ලබා ගැනීමටත්, පුරුදුව සිටියේ නීති විරෝධී මත්පැන් පොදක් කටගෑමේ පුරුද්දට ඇබ්බැහි වී සිටීමෙනි.
එක් මිතුරකුගේ නිවසක  මුළුතැන්ගෙයි  දුම් මැස්සේ මෙම නීති විරෝධී  මත් පැන් තබා තිබූ අතර නිෂ්පාදනය සිදු කෙරුනේ දෙදෙනාට පමණක් ප්‍රමාණවත් වූ ප්‍රමාණයකිනි. 
වෙහෙස නිවා ගැනීමට පමණක් මෙම මත් වතුර බීවාට බිරින්දෑවරුද විරුද්ධත්වයක් පළ නොකළාය. මදින කිතුල් මල්වලින් සාදන සුළු පැණි ප්‍රමාණයකින් මෙම මත්පැන් සාදාගැනීම ඔවුනට වාසියක් මෙන්ම පහසුවෙන්ද කර ගැනීමට හැකි විය.


රජයේ මත්පැන් මිල අධික වීම මෙම පිළිවෙතට මොවුන් පෙලඹවීමට හේතුවක්ද විය. කිසිවකුටත් දැන ගැනීමට නොහැකි අන්දමින් මෙම කටයුත්ත කාලයක් තිස්සේ කරගෙන යාමට මොවුහු වග බලා ගත්හ.
දිනක් සැන්දෑ කාලයේ මිතුරෝ දෙදෙනා එක්ව  සාජ්ජය පවත්වා  ආපසු තම නිවෙස් වෙත ගියහ. එක් මිතුරෙකු නිවසට ගිය විගසම වැසිකිළි යාමට  දුවගෙන ගිය නිසා, ඔහුගේ බිරින්දෑ“ ඇන්නාවේ ඇයි වදේ මේ ගෙදර ආ ගමන්  වැසිකිළිය බදා ගත්තේ. මොන වින්නැහියක් වෙලාදැ යි ප්‍රශ්න කළාය.“කතා කරකර ඉන්නවෙලාවක් නෑ මගේ බඩ බුරුල් කරල.,, කියමින් හෙතෙම වැසිකිළියට  දිව ගියේය.
අනෙක් මිතුරාටද කඩිනමින් වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වූයෙන් ඔහුද වැසිකිළියට ගියේය. මේ අතර එම මිතුරාගේ බිරිඳ ද රාත්‍රි කෑම වේල සකස් කිරීමට මුළුතැන්ගෙට ගොස්, තමන් ඊට පෙර දින පොල් තෙල් සිඳීමෙන් ඉතිරිව තිබූ කිරිජ්ජ (පොල් කොටා කිරි මිරිකා, දර ළිපේ තබා තෙල් සිඳ ගැනීමේදී ඉතිරිවන පොල් කිරි)මුට්ටිය ඉවත් කර සහල් ළිප තැබීමට මුට්ටිය සේදීමට සූදානම් විය. එවිට ඇයට දැක ගත හැකි වූයේ  කිරිජ්ජ මුට්ටිය හිස්ව ඇති බවය.
මිතුරන් දෙදෙනා එක්ව මුට්ටිය මාරු වී කිරිජ්ජ මුට්ටිය බී ඇති බව ටක්කෙටම සිතූ බිරිඳ “ඈ මනුස්සයෝ, අර කිරිජ්ජ මුට්ටිය බිව්වෙ මොකද? වෙනද බොන  ජරාව මුට්ටිය මාරු වෙලා  නේද?  ඒක තමයි ඔය හදිස්සියේම වැසිකිළි යන්න වුණේ. කිරිජ්ජවල තෙල් ගතියට බඩ බුරුල් කරල. යාළුවටත් ඔය ලෙඩේම හැදිල ඇති බලනවකො ගිහිල්ල.,, යයි කීය.
සිද්ධියෙන් පසුව බිරින්දෑවරු,, නියම බඩු හොඳට සූර් වෙන්න හැමදාම බොනව හොඳයි,, කියා විහිළු කිරීමට පුරුදු විය.

මාවරල පී.එස්. මද්දුමගේ



අදහස් (0)

මුට්ටිය මාරු වී වැසිකිලිය බදු අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site