බිරිඳ බියවද්දන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලබේ.
හේ බෙබේ කෙනෙකි. බොන්න මුදල් ගත්තේ භාර්යාව බිය වද්දමිනි. නැතහොත් ඇය ප්‍රාණ ඇපයට ගනිමිනි. විවිධ දේ කියමින්ද ඔහු බිරිඳ බිය වද්දවා මුදල් ලබා ගත්තේය. ඒ බොන්නටය. මේ ආකාරයට ඔහු බිරිඳ බිය වද්දවා සිය අවශ්‍යතාව ඉටුකර ගත්තේය.
මේ හැම බියවැද්දීමකින්ම බිය වන බිරිඳ ඔහුට අවශ්‍ය මුදල් ලබා දුන්නාය. ඒ තමා ඉතා දුක්මහන්සි වී දුරු කතර බැලමෙෙහවර කර උපයා සපයා ගත් මුදල් ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තාය. ඔහු සිය දිවි හානි කරගත හොත් තමාටත් දරුවන්ටත් සමාජයෙන් එන අවමානය අවම කර ගැනීමට ඇය මේ පියවර ගත්තාය.
ඔහු එදා ළිං පඩියට නැග්ගේය. ඒ ඉතාම හදිසියෙනි. හදිසිය නිසාම ළිං පඩියට නැග්ග ඔහුගේ සමබරතාවය ගිලිහී ගියේය. ළිඳට නොපනින්න පැමිණියත් ඔහු ළිඳට වැටුණේය. ගැඹුරු ළිඳේ ඔහුට වතුර පෙවෙමින් තිබුණේය. ඔහු තමා බේරා ගන්නා ලෙස බිරිඳගෙන් අඬ අඬා ඉල්ලා සිටියේය.
බිරිඳ කෑමොර දීම මධ්‍යයේ එතනට විශාල පිරිසක් පැමිණියහ. ඒ පිරිසකගේ මැදිහත්වීමෙන් එදා ඔහුගේ ජීවිතය යාන්තමින් බේරී ගියේය. ඒ පෙර පිනකටය. අහළ පහළ අයට පිංසිදු වන්නටය.
සිය සැමියාගේ තරම දැනගත් භාර්යාව එදා සිට ඔහු මොන දේ කියමින් දැඟලුවත් ඇය දැන් ඔහුට මුදල් නොදෙන්නේලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරිය අන්දවන්න ගිහින් අලි අමාරුවක
Tissa senanayake Monday, 14 July 2025 08:28 PM
ලෙඩ දුක් හෝ අනේක දුක්කරදර හෝ මරණය හෝ වේවා මේ සියල්ල තමන්ගේ ප්‍රර්ථනා වන්නේය.