IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


චාටු බහට රැවටී රන්මාලය වාෂ්ප වෙලා


හංවැල්ල එච්.එස්.ඒ. නන්දන



මහමගදී හමුවූ මැදිවියේ යුවළක් වයෝවෘද්ධ කාන්තාවක සමඟ හිතවත් වී ඇයගේ ගෙලෙහි වූ රන්මාලය බලන්නට අවශ්‍ය යැයි පවසා එය ගලවා දුන් පසු එයත් රැගෙන අතුරුදන් වීම නිසාවෙන් මහමග අසරණ වූ වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය.
වයෝවෘද්ධ වූවත් රන්මාලා පැලඳීමට රුචිකත්වයක් දක්වන මෙම  කාන්තාව පවුමකට ආසන්න රන් මාලයක් ද පැලඳ නගරයට පැමිණියේ පෞද්ගලික කටයුත්තක් සඳහාය. පාදුක්ක නගරයට නුදුරින් පිහිටි ග්‍රාමීය පරිසරයක ජීවත් වන ඇය පාදුක්ක නගරයට පැමිණ බස් නැවතුම් පොළේ බස් රථයක් පැමිණෙන තෙක් රැඳී සිටිය දී ඇය සමීපයට ආ මැදි වියේ යුවළක් ඇයට කුළුපග වී ඇත්තේ යටි අරමුණක් ඉටුකර ගැනීමේ අරමුණ ඇතිව ය. 
සිය දරු මිනිබිරියන් සමඟ මෙන්ම සුහදව කටයුතු කරන මෙම කාන්තාව මග තොටේ හමුවන කොයි කවුරුත් සමඟත් සිනාමුසු මුහුණින් කතා කරන ප්‍රියමනාප කෙනෙකි. එසේ හෙයින් ඇය සමඟ කතා කරන බොහෝ පිරිස් ඇයගේ හිත මිතුරෝය. මෙසේ ජීවත් වූ ඇය පාදුක්ක නගරයේ දී ඇයට හිතවත් බවක් පෙන්වූ යුවළට කුළුපග වීමට ගත වූයේ නිමේශයකි. 


ගිජු ළිහිණියෙකු ගොදුරක් දුටු විට එය පහසුවෙන් ගොදුරක් කරගත හැකි බව වටහා ගත් යුවළ බස් නැවතුම්පොළ තුළදී කාටත් හොරා  කුළුපග වූ වයෝවෘද්ධ කාන්තාව සමඟ ඉතා කෙටි කාලයකින් කුළුපග වූයේ ඇගේ කර බැඳි රන් මාලය ඉලක්ක කරගනිමිනි. සුහදත්වය දොරේ ගලා යද්දී එම දෙපලෙහි සිටි කාන්තාව ඉලක්කය ඩැහැ ගැනීමට කුරුමාණම එළීය. කරෙහි වූ රන්මාලය බලන්නට ගලවා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර කිසිදු සැකයක් නොමැතිව එය ගලවා දුන්නේ ඇගේ සිතේ උපන් ලෙන්ගතුකමත් සමඟ ය. එය අතට ගත් සැණින් දොඩමළුවෙමින් සිටි යුවළ සිය මාලයත් රැගෙන අතුරුදන් වී ඇති බව දැනගත් විට වයෝවෘද්ධ කාන්තාවට හීන් දාඩිය දමන්නට විය.
සිදුවූ අලකලන්චිය අසල සිටි පිරිසට පැවසූ පසු ඔවුන් ඔළු‍වේ අත ගසා ගත්තේ බස් නැවතුමේ හිඳින හිත හොඳ යුවළගේ චාටු බසට රැවටුණු තවත් අයෙකු බවට වයෝවෘද්ධ කාන්තාව පත්ව ඇති බව වැටහීම නිසාය. 

 



අදහස් (0)

චාටු බහට රැවටී රන්මාලය වාෂ්ප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site