IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අනංග පාට් දාන්න ගිහින් පටි රෝල් වෙලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



මග මගදී හමුවන ඇහැට කනට පේන ලියන්ට විහිළු කිරීම පුරුද්දක් කරගත් අයකුට ආයෙත් ලියන්ට විහිළු කිරීම තියා ඒ පැත්තවත් නොබලන්න සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
ඔහු දෙදරු පියකු වුවත් වැඩ රාජකාරී කළේ ඉලන්දාරියෙකු පරිද්දෙනි. නගරයේ මිත්‍ර සමාගමට වැටුණු විට ඔහු කටයුතු කරන්නේ අවිවාහකයකු ලෙසය. අඩියක් පුඩියක් ගැසූවිට ඔහුට ඇහැට කනට පේන කාන්තාවන් පෙන්නන්නම බැරිය. එම කාන්තාවන්ට කුමන හෝ විහිළුවක් තහලු‍වක් කර ඔහු ලබන්නේ අමුතුම සතුටකි. ලොකු වින්දනයකි.
එදා පස්වරුවේ දී ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී ඇහැට කනට පෙනෙන ළඳක් නගර මධ්‍යයේ දී මිතුරු කැල සමග සිටිය දී ඔහුට මුණ ගැසුණේය. ඒ සමගම ඔහු ඇයට එක් ඇසක් පුංචි කර සූකිරි බෝලේ යයි කීවේය. මේ කාන්තාව ඔහු දෙස රවා බැලු‍වේ ඔහුගේ ඡායාරූපය ද සිය මනසේ සටහන් කර ගනිමින්ය. ඒ සිද්ධිය එතනින් නිමාවට පත්විය.
ඔහුගේ  භාර්යාව තෙවැනි දරු පසූතියට රෝහල් ගත කෙරිණි. පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දියණියගේ පංති රැස්වීමක් සඳහා මවුපියන්ට පාසලට ඒමට නියම කර තිබිණ. කවදාවත්ම දරුවන්ගේ පංති රැස්වීමකට නොගියේ ඒ සඳහා භාර්යාවම සහභාගී වන නිසාය. එදා ඔහුට එම පංති රැස්වීමට යාමට සිදු වූයේ එහෙයිනි.


 පංති රැස්වීමට ගිය මවුපියන් පංතියේ වාඩිවී සිටියේ පංති භාර ගුරුතුමිය එනතෙක්ය. ගුරුතුමිය පංතියට ආවාය. මේ සුකුමාල සුන්දර ගුරුතුමිය තමාට කොහේ දී හෝ හමුවී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානයට පැමිණියේ ඒ එක්කමය. කාරණය මතකයට ආවේය. එය සිහිවූ සැණින් ඔහුගේ මුහුණ බිමට හැරුණේය. දුවගේ පංති භාර ගුරුතුමිය ද මේ තැනැත්තා ඉතා අපහසුවෙන් සිටිනා බව තේරුම් ගත්තාය. ඒ නිසාම ඇය ඔහු දෙස හොඳින් බැලු‍වාය. නගරය මධ්‍යයේ තමන් ගමන් ගන්නා විට සූකිරි බෝලේ යයි කීවේ මේ පුද්ගලයා බව එදා සිය මනසේ සටහන් කරගත් ඡායාරූපය සමග සමපාත විය.
මොකද මේ තාත්තා විතරක් බොහෝම අපහසුවෙන් ඉන්නේ සූකිරි බෝලයක්වත් මතක් වෙලාදැයි ඇහුවේ තමන් ඔහු හඳුනාගත් බව ඇඟවීමටය. මේ කිසිවක් නොදත් මවුපියන්  පංති භාර ගුරුතුමිය දිග හැරිය මේ තුන් තේරවිල්ල නොතේරුණ ද කොක් හඬලා සිනාසුණේ ඔහු දෙස බල බලාය. මෙයින් මහත් අපහසුතාවට පත් ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ තමා එදා ඇහැක් ගසා සුකිරි බෝලේ යයි කියා ඇත්තේ තමාගේ දුවගේ පංති භාර ගුරුතුමියට නිසා ගුරුතුමිය තමාගේ දුවට මේ බව කියාවි දැයි යන බියෙන් සැකෙන් ඔහු දැන් ඉන්නවලු‍.

 



අදහස් (1)

අනංග පාට් දාන්න ගිහින් පටි රෝල් වෙලා

himal Tuesday, 05 August 2025 01:14 PM

ඊට පස්සේ මෙහෙම කිව්වාලු "තරහා වනු එපා, අයදිමි මා කමා, ඔබ හා මා කලේ කතා, මගේ යෙහෙළියකැයි සිතා ඔබ ඈ වාගේමයි"

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site