IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලොතරැයි පතෙන් වෙලෙන්දා අන්දවලා


හිඟු‍රානේ නවරත්න සමරතුංග 



දිනුමක් නැතිව ප්‍රතික්ෂේප වූ ලොතරැයි පත් පහක් රඹුටන් වෙළෙන්ඳකුට හිලව් කර රඹුටන් ගෙඩි දහයක් රැගෙන බසයක නැගී ගිය මගියෙකු ගැන අම්පාරේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවෙයි. 
සිද්ධිය මෙසේය. 
එම නගරයේ ඔර්ලෝසු කණුව අසල මංසන්ධියේ ‍ලොතරැයි පත් අලෙවි කරන නියෝජිතයෙකු සිටින අතර, ඔහු‍ගේ සහායක අලෙවි කරු ඒ අසලම ඇති දුරගමන් සේවා බස්මගී ආවරණයක් අසල ලොතරැයි කුටියක සිට දෛනිකව ‍ලොතරැයි පත් අලෙවි කරයි. 
පසුගියදා එක් උදෑසනක ප්‍රධාන අලෙවි නි‍යෝජිත ලොතරැයි කුටිය ‍වෙත පැමිණි බස් මගියෙකු ඔහු මිලදීගෙන තිබුණ ලොතරැයි පත් පහක් ගෙන ප්‍රතිඵල සටහන සමඟ සසඳා බැලීය. 
ඒ අනුව ඒවාට එකදු දිනුමක්වත් නැති බව තහවුරු විය. ඉන්පසු ඔහු එම ටිකට්පත් පහ කමිස සාක්කුවේ දමාගෙන අනිත් පස ලොතරැයි කූඩුව වෙත යන අයුරු පුද්ගලයෙකු දැක ඇත. බස් මගියා අනිත් ලොතරැයි කූඩුව වෙත යනවිට එහි අ‍ලෙවි කරු පැමිණ නොසිටි බැවින් එය වසා තිබිණි. 


එහෙත් එම ස්ථානයේම රඹුටන් වෙළෙන්දෙකු මේසයක් මත රඹුටන් තොගයක් තබාගෙන අලෙවි කරමින් සිටි‍යේය. 
බස් මගියා ඔහුවෙත සමීපවී “මාමා මගේ ළඟ ති‍යෙනවා ඊ‍යේ මෙතනින් ගත්ත ස්වීප් ටිකට් පහක්! තවම මේක ඇරලා නෑ! පානදුර බසය දැන් එනවා. ඔයා මේ ටිකට් පහ තියාගෙන දිනුමක් තියෙනවාද බලන්න! දිනුමක් තිබුනොත් කීය වුණත් අරගන්න. මේ කුටියේ ඉන්න කෙනා මම අඳුනනවා. මේවායේ මුදලට හරියන්න මට රඹුටන් ගෙඩි දහයක් දෙන්නැයි” ඉල්ලා සිටියේය. 
මෙහිදී රඹුටන් වෙළෙන්දා තරමක් අදිමදි කළ නමුත් ඔහු බලෙන්ම රඹුටන් ගෙඩි දහයක් ගමන් මල්ලට දාගන්නාවිට බසය එහි පැමිණියේය. 
“මාමා.... ටටා! බායි !බායි!” කියද්දී බසය පිටත් විය. 
ඒ සමගම ලොතරැයි කුටියේ අලෙවි කරු පැමිණි අතර එදිනට නියමිත ප්‍රතිඵල සටහන සමඟ ටිකට් පත් පරීක්ෂා කළ විට කිසිදු දිනුමක් එම ලොතරැයි පත්වලට නොමැති විය. 
ඒ සමඟම එතැනට පැමිණි අයෙකු එම බස් මගියා අනෙක් ලොතරැයි කූඩුවෙන් ප්‍රතිඵල බලා දිනුමක් නැති ටිකට්පත් පහක් රැගෙන මෙම ස්ථානයට රැගෙන එනු තමන් දුටු බව රඹුටන් වෙළෙන්ඳාට පැවසීය. 



අදහස් (0)

ලොතරැයි පතෙන් වෙලෙන්දා අන්දවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site