අල්ලපු නිවසේ වූ දබරය තම නිවසේ බිත්තියට හේත්තූ වී අසා සිටීමෙන් හරියාකාරව නොඇසෙද්දී තම නිවස ඉදිරිපිට පිහිටි පස් කණ්ඩියක් මතට නැඟ සියැසින් දැක ගැනීමට ගොස් ඉන් ඇද වැටී අත්පා තුවාල ලබා සති ගණනක් ඇඳ මත සිටි කාන්තාවක පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිදුවීමට මුහුණ දුන් කාන්තාව විවාහක, දරුවන් තිදෙනෙකුගේ මවකි. මෙම කාන්තාව රැකියාවට ගොස් පැමිණෙන තම ස්වාමි පුරුෂයාගේත්, දරුවන් තිදෙනාගේ කටයුතු හා නිවසේ කටයුතු සිදු කරනා ගෘහණියකි. තම නිවසේ කටයුතු හැරුණුකොට ඇයට සිදු කිරීමට වෙනයම් කටයුත්තක් නොමැත. උදෑසනම රැකියාවට පිටත් වන සැමියාත්, රැකියාවට යන වයසේ පසුවන දරු තිදෙනාත් නැවත පැමිණෙන්නේ සවස් යාමයේදීය.
සිදුවීම සිදු වූ දිනයේ සුපුරුදු පරිදි මැය තම පවුලේ උදවියට රාත්‍රි කෑම පිළියෙල කරමින් සිට ඇත. නුපුරුදු කාලගෝට්ටියක් තම අල්ලපු නිවසින් ඇසෙද්දී එය පවුල් ආරවුලක් මූලික කොටගත් අඩදබරයක් බව ඈ හඳුනා ගෙන ඇත. අනුන්ගේ ගතු තමන්ට අදාළ නොවුණද අඩදබරය තමන්ගේ අසල්වැසියාගේ නිවසින් නිසා ඇය තම නිවසේ බිත්තියට කන තබා අඩදබරයට හේතූව නියමාකාරයෙන් හඳුනා ගැනීමට උත්සහා කර ඇත.
කෙතරම් උත්සහ කළ ද අඩදබරයට මුල් වූ පෙර නිමිත්තත් එහි නවතම ගතුත් ඇයට බිත්තිය හරහා නොඇසෙද්දී ඇය නිවසින් පිටතට ගොස් එයට කන් දීමට තීරණය කර ඇත. කෙසේ හෝ අසල්වැසියන්ට නොපෙනෙන්නට තම මිදුලේ පස් කණ්ඩියට ගොඩ වීමට ඇය සමත් වී ඇත. ඇය පස් කණ්ඩිය මතට වී විනාඩි කිහිපයක් අඩදබරයට කන් දී සිට ඇත. කෙතරම් නම් ඇය කන් දීමට සමවැද සිටියේද යත් පස් කණ්ඩිය මතින් ඇය අඩි පහක පමණ ප්‍රමාණයක් පහළට රූටා වැටුණු බවත් ඇය හඳුනාගෙන ඇත්තේ සිදුවීම සිදුවීමෙනුත් හමාරවය.
නිවසට පැමිණි දරුවන් තම මව නිවෙසේ නොමැති බව හඳුනාගෙන ඇත. ඉන්පසු රැකියාව නිමවී නිවසට පැමිණි තම පියාට මව නිවසේ නොමැති බව දරුවන් විසින් දැනුවත්කොට ඇත. දරුවන් සමඟ එකතු වී නිවසේ තම බිරිඳ නොමැති බව හඳුනාගත් පිරිස නිවසින් බැහැර එළි ප්‍රදේශයේ ඇය සොයන අතරේ දී තම මව පස් කණ්ඩියෙන් පෙරළි ඇති බව මුලින්ම ඇගේ සැමියා දැක ඇත.
දරුවන් සමඟ එකතු වී තම බිරිඳව නිවස තුළට ගෙන යාමට උත්සාහගෙන ඇත. නිවසට රැගෙන යනවිට ඇයගේ ශරීරය පුරා සීරීම් පාරවල් දක්නට ලැබී ඇත.රෝහලට රැගෙන යන තරමේ තුවාල නොවූවද පුරා සතියක කාලයක් ඇඳමත සිටීමට සිදු වූ නිසා ඇය නැවත සාමාන්‍ය ශබ්දයක්වත් කන් දීමට නිවසින් පිටතට නොයන බව නිවැසියන්ට නොරහසකි.
පවිත්‍රා දේශානි
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුන්ගේ රණ්ඩු බලන්න ගිහින් සති ගණ්න් ඇදේ