රාජාංගණය - නුවන් කුමාර
හොල්මන් මන්දිරයක අපායේ යම පල්ලාට රඟපෑ අයකු සත්‍ය ලෙසම ආරූඪ වී පුද්ගලයකුට පහර දීමේ පුවතක් අනුරාධපුරයේ ගමකින් වාර්තාවේ.
වාර්තාවන ලෙස සිද්ධිය මෙසේය.
පසළොස්වක පොහොය දිනවලට සමගාමීව හොල්මන් මන්දිර පැවැත්විම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකම වර්තමානය වන විට සුලභව සිදුවන්නකි.
ගමක තරුණයින් පිරිසක් දින 4ක් පුරා හොල්මන් මන්දිරයක් පැවැත්වීමට කතිකා කරගෙන තිබු අතර එය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් යම් මුදලක් අයකර ගැනීමටත් තීරණය කරගෙන තිබිණි. එය ආරංචි වු අල්ලපු ගමේ තරුණයින් පිරිසක්ද එම දිනවලදීම හොල්මන් මන්දිරයක් පැවැත්වීමට කටයුතු යොදා ගෙන තිබිණි.
ගම්මාන දෙකේම තරුණ පිරිස හොල්මන් මන්දිර පැවැත්වු අතර දෙපාර්ශවයම සිටියේ තරමක් විරසකවය.
එක ගමක තරුණයන් පිරිසක් අනික් ගමේ පැවැති හොල්මන් මන්දිරය නැරඹීමට පැමිණ බහින්බස් වීමක් සිදුවි අපායේ යම පල්ලාට රඟ දැක්වු අයගේ පියාට පහර දී ඇතැයි වාර්තාවේ. එය බලා සිටි යමපල්ලා තමන් සිදුකරන්නේ රඟපෑමක් යැයි අමතක කර පියාට පහර දුන් අයට තම අත තිබු කටු පොල්ලෙන් පහර දි තිබේ. පහර කෑමට ලක්වී අසාධ්‍ය තත්වයෙන් පසුවු තරුණයන් කිහිප දෙනෙකු රෝහල් ගත කරන්ට සිදුවු බවද වාර්තාවේ.
අවසානයේ යම පල්ලාට රඟ පෑ අයට පොලිස් කූඩුවේ ගත කිරීමට සිදුවී ඇති අතර පහර දීම සම්බන්ධව නීති මගින් ද කටයුතු කරගෙන යන බව වාර්තාවේ.
මින්පසු කිසිම දිනක හොල්මන් මන්දිර තම ගමේ පැවැත්වීමට කිසිවකුට ඉඩ නොතබන බව එම ගමේ වැඩිහිටියෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොල්මන් ගුහාවේ යමපල්ලා යකා නටලා