IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දානේ තෑග්ගෙන් රෙදි ගලෝගෙන

හිස් අතින් දානේ ගෙදරකට ගොස් ගෙහිමියාට තෑග්ගක් ලබාදී තමන්ම අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
නගරයෙන් දුර බැහැර පිහිටි තම ආයතනයෙහි ප්‍රධානියාගේ නිවසෙහි දානමය පිංකමකි. ආයතනයෙහි සියලු දෙනාටම එයට ආරාධනා කර තිබිණ. නිවාඩු දිනයක් වූ බැවින් සියලු දෙනාම එයට සහභාගී වීම සඳහා යොදා ගනු ලැබුයේ වෑන් රථයකිනි. ආයතනයේ ලිපිකරු මහතාගේ නිවස, දානමය පිංකම පැවැත්වෙන නිවසට යන මාර්ගයේ පිහිටි බැවින් ඔහු අතර මගදී පිරිසට එකතුවීමට තීරණය කෙරිණි.
කතිකා කර ගත් පරිදි නියමිත දින ගමනට පිටත් වූ ඔවුන් අතර මගදී ලිපිකරු මහතා ද රථයට නංවා ගැනිණ. කාලයකින් යන ගමනක් නිසා ඔවුන් විනෝද වෙමින් පිංකම පැවැත්වෙන නිවසට පැමිණෙන විට දානමය කටයුත්ත අවසන් වී ස්වාමීන් වහන්සේලා පන්සලට වැඩම කිරීමට සූදානම් වී තිබිණි.


නිවසට පැමිණි තම කාර්යාලයේ සහෝදර සේවක පිරිස සුහදව පිළිගන්නා අතර තුර තම තමන් ගෙන එන ලද තෑගි පාර්සල් ප්‍රධානියා අත තැබිණි. අතරමගදී ගමනට එක් වූ ලිපිකරු මහතාට තමන් කිසිවක් රැගෙන නොපැමිණි බව සිහිපත් වුයේ එවිටයි. මදක් කලබල වූ ඔහු වටපිට බලත්ම තමන් වාඩිවී සිටි තැනට යාබද පුටුවේ පාර්සලයක් තිබෙනු දැක එය හෙමිහිට අතට ගෙන මිතුරා අත තැබුයේ මද සිනහවක් ද ඇතිව ය. 
ඉන් සුළු වේලාවකට පසුව එතනට පැමිණි අයකු කලබලයෙන් යමක් සොයමින් ඔහුගෙන් මෙතන මම පන්සලට ගෙන යාමට බත් පාර්සල් කිහිපයක් තිබ්බා. කවුරුවත් ගන්නවා දැක්කා දැයි ඔහුගෙන් ඇසුවේ සිතේ මතු වූ සැකය නිසාවෙනි. මින් තිගැස්සීමට පත් වූ ලිපිකරු මහතා, තමා විසින් මිතුරාට තෑගි දී තිබුණේ පන්සලට ගෙන යාමට සුදානම් කර තිබූ බත් පාර්සල් බව දැන ගැනීමෙන් මහත් ලැජ්ජාවට හා කලකිරීමට පත්ව, සිටි තැනම සිටියේ කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව ය.
මේ බව කනින් කොනින් දැනගත් ආයතන ප්‍රධානියා පසු දිනෙක කාර්යාලයේ දී, විහිළුවට මෙන් පවසා තිබුණේ දානෙ ගෙදරට කිසියම් කෙනෙකු ආහාර පැකට් ගෙනවිත් තිබුණු බවයි. මේ ඇසුණු ප්‍රධාන ලිපිකරු එතනින් මාරු වූයේ පුහුල් හොරා කරෙන් දැනේ යන්න අනෙක් අයට සිහි ගන්වමිනි.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



අදහස් (0)

දානේ තෑග්ගෙන් රෙදි ගලෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site