IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


තොවිලය බජව්වක් වෙලා


මාවරල - පී.එස්. මද්දුමගේ



රැකියාවක් සොයමින් කාලය ගත කළ මිතුරන් දෙදෙනකු විසින් මුදල් ඉපැයීමේ සූත්තරයකින් අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් රොටුඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
මොවුහු දෙදෙනා පරම්පරාගත බලි තොවිල් මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කළ පවුල් දෙකක මිතුරන් වූහ. මවුපියන් එම කර්මාන්තය කළ ද, තරුණයින් ඒ ශාස්ත්‍ර ඉගෙන ගත්තේ නැත.
තරුණ වයසට එළැඹි මොවුනට අතමිට මුදල් නොමැති වීම ලොකු ගැටලු‍වක් විය. මුදල් ඉපැයීමේ ක්‍රමයක් ගැන කථිකා කරගත් මොවුහු උපක්‍රමයක් ක්‍රියාවට නැගීමට පියවර ගත්හ.
තම හිතවතකුගේ මාර්ගයෙන් අසල ගමක යක්ෂාරූඪ වී රෝගාතුර වන තරුණයකු පිළිබඳව තොරතුරු අසන්නට ලැබුණි. හිතවතාට මොවුන් පවසා සිටියේ, ශාන්තිකර්මයකින් රෝගියා සුව කර දීමට තමන්ට හැකි බවය. බලි තොවිල් කර්මාන්තයේ පරම්පරාවක තරුණයින් දෙදෙනකු වූ මොවුනට ශාන්තිකර්ම කිරීමේ හැකියාව ඇති බවට හිතවතා විශ්වාසය පළ කළේය.


හිතවතා මගින් රෝගියාගේ නිවෙසට දැනුම් දුන් දිනයේ ශාන්තිකර්මය පැවැත්වීමට මිතුරන් දෙදෙනා ගියේ බලි තොවිල් සඳහා අඳින, පියාගේ ඇඳුම් කට්ටල ද රැගෙනය.
මල් බුලත් තටු සාදා, දුම්මල කීරිගැසීමට කටයුතු යොදා, ශාන්තිකර්මය ආරම්භ කළ මොවුහු, රෝගියා සිටින ආතුර පැළ අසල සිට ඉතාමත් සෙමින් මතුරන්නට වූහ. මන්ත්‍ර නොදත් මොවුහු කටපාඩම් කළ සින්දු කොටස් මුමුණමින් දුම්මල කීරිගසමින් යාගය පැය කිහිපයක් පවත්වාගෙන ගියෝය.
රෝගියා ආවේශ කර යක්ෂ දිෂ්ටිය ඉවත් කරන බව කී මොවුන්, පොල් මල් කිනිත්තකට කහ දියර ඉස, මතුරා, රෝගියාට හිසට පහර කිහිපයක් ගැසීය. හැඩි දැඩි තරුණයකු වූ රෝගියාට පොල් මල් පහර ඉවසා ගැනීමට නොහැකිව, ආතුර පැළෙන් එළියට පැමිණ ඇදුරන් වූ මිතුරන් දෙදෙනාට, තොවිලයට දල්වා තිබූ පන්දම් කිහිපයකින් පහර දුන්නේය. 
හදිසියේ ඇති වූ කලබලකාරි නොසන්සුන්තාව නිසා මිතුරෝ දෙදෙනා තොවිලය හැර දමා දිවි බේරාගැනීමට ගමට දිව ගියෝය. ඇදුරන් ගෙන ආ පුද්ගලයා වට කරගත් නිවැසියා සහ රෝගියා “අර එක්ක ආපු අය ඇදුරන් නොවේ. උන් දන්න මන්තරයක් නෑ. මගේ ළඟ ඉඳගෙන හින්දි සින්දුවල කෑලී වගයක් මුමුණමින් මන්ත්‍ර කියන බව ඇඟවූවා.” යයි කීය.
තමන් රැවැටී ඇති බව වටහාගත් ඇදුරන් ගෙන ආ පුද්ගලයා “අනේ සමාවෙන්න. ඒ අය ඔය කියන ශාන්තිකර්ම කරන අයගේ පවුල්වල ළමයි දෙන්නෙක්.” යයි පවසා කරඹා ගත්තේය.
තොවිලය බලන්න පැමිණි ගමේ අය, “මදැයි කලකට පස්සේ තොවිලයක් බැලු‍වා. අනේ මෙහෙම රටක්.” කියමින් යන්නට ගියෝය.
ආතුර තරුණයා නිවෙසට ගොස් බෙහෙත් ටිකක් බීමට සූදානම් විය.

 



අදහස් (0)

තොවිලය බජව්වක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site