IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මිටි පහරින් ගාණ ඉතිරිවෙලා


මොරගොල්ලාගම සිසිර කැලේගම



වාහනයක ආපදාව අලු‍ත්වැඩියාව මිටි පාරවල් දෙකකින් යථා තත්වයට පත් කොට ඒ වෙනුවෙන් වැය කිරීමට ගිය රුපියල් පනස් අට දහසක් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ඉතිරිකර ගත් පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.
ඔහු රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාය. සේවාව සඳහා පැමිණෙන්නේ ඔහු සතු වෑන් රථයෙනි. ආයතනයේ ප්‍රධානියා නිසා ප්‍රදේශයේ නමක් දිනා ඇති අයෙකි. මේ නිසා යම් වැඩක් කර ගැනීමට යාමේදී ඔහුට ඉහළ තැනක් ප්‍රදේශයෙන් හිමිවේ.
ඔහුගේ වෑන් රථයේ ආපදාවකි. ඒ ගමන් කිරීමේදී අමුතු ශබ්දයක් ඇසෙයි. ගමේ ගොඩේ බාස්ලා හිටියාට ඔවුනට එය නොපෙන්වා නගරයේ වාහන අලු‍ත්වැඩියා කරන ප්‍රධාන පෙළේ ගරාජයකට වාහනය රැගෙන ගියේය.
මොහු එම ආයතනයේ ප්‍රධානියාද හඳුනන නිසා ඒ පිළිබදව මනා දැනුමක් ඇති කාර්මිකයෙකුට දෝෂය බලන්නට යැයි උපදෙස් දුන්නේය. කාර්මිකයා වාහනයට නැග්ගේය. පණ ගැන්වූවේය. එහා මෙහාට ගමන් කළේය.
දෝෂය හඳුනා ගත්තේය. වාහනය නතර කර බැස්සේය. එහි දෝෂය කීවේය. එහි හිමිකරු එය අලු‍තින් දැමිය යුතු බව පැවසුවේය.
‘‘අපි ගාව නෑ. අහවල් තැන ඒක තියෙනවා. මං බිලක් දෙන්නම් ගිහින් ගේන්න.”‍


ඔහු බිල ගත්තේය. ඔහුට හීන් දාඩිය දැම්මේය. ඒ එම කොටස ගැනීමට රුපියල් පනස් අට දහසක් විතර මුදලක් වැය වෙන බව ඇසීමෙනි. මොනවා වුණත් එය දැමිය යුතුය. අතේ මුදල් නැත. මුදල ගෙනෙන්නට ඔහු ආපදා සහිත රථයට නැගී ගෙදරට යන ගමනේ ආපදාව වැඩි විය.
කරන්නටම දෙයක් නැති තැන අවට තිබු ගරාජයකට දැම්මේය. එම බාස් රථය උඩක රඳවා යටට රිංගා බලන විට වාහනය ඇදගෙන යාමේදී භාවිතා කරන යකඩ කොක්ක ඇතුළත බාර් එකේ පැටලී තිබෙන අයුරු වාහනයේ අයිතිකරුගේ නෙත ගැටුණි.
‘‘බාස්උන්නෑහේ මේක හිර‌ෙවලා නිසා නේද, වින්ස්ක්‍රිනය කරකවන විට මේ ශබ්දය ඇසෙන්නේ ”‍යැයි පෙන්වා සිටියේය. බාස් මිටියක් ගත්තේය. දෑත බදා දෙපාරක් එතැනට ගැසුවේය. කොක්ක තිබූ තැනට ආවේය.
‘‘බලන්න මහත්තයා වාහනය පොඩ්ඩක් එළවලා හරිද කියලා”‍ ඔහු ඒ අනුව පදවා බැලු‍වේය. වැඩේ හරි ශබ්ද බද්ද මොකුත් නෑ.
බාස් මුදල් ගත්තේද නැත. මිටි පාර දෙකෙන් ආපදා නැති කොටසක් ඉවත් කර, ඒ වෙනුවට රුපියල් පනස් අට දහසක්‍ ඉතිරිය. පරිණත කාර්මිකයෙකු නිසා වෙන්නට ගිය දේ ගැන සිතා සැනසුම් සුසුම් හෙළා බාස්ට ස්තුතිය පිරිනමා ඔහු වාහනය පදවන නමුත් දැන් කිසිදු ආපදාවකුත් නැතිලු‍.



අදහස් (0)

මිටි පහරින් ගාණ ඉතිරිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site