IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අනුන්ට ඇටවූ උගුලේ තමන්ම වැටිලා

රාත්‍රි කාලයේ අනුන් නසන්නට සැකසු උගුලක එය සැකසු නඩේ ගුරා දහවල් කාලයේ  වැටී තුවාල ලබා රෝහල් ගත කළ පුවතකි. එය ඇසෙන්නේ ද ඇතුගල අවට නගර සීමාවෙන්ය.
රාජ්‍ය ආයතනයකි. නිවාඩු දිනවල දී එය වසා ඇත. මේ නිසා වැඩ කරන දිනවලට එහි තිබෙන ඝෝෂාකාරිත්වය සති අන්තයේදී නොමැත.
මේ නිසා සති අන්තයේ ආයතනයේ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම ආරක්ෂක අංශයට ද ඉමහත් ගැටලු‍වකි. ඒ කුඩුවලට ඇබ්බැහි වූ කුඩ්ඩන් එහි දේපළ සොරා ගැනීමට අවස්ථා කිපයකදීම වෑයම් කිරීම හේතුවෙනි.
ආරක්ෂක අංශයේ ප්‍රධානියා ඊට උපායක් සෙව්වේය.
“කුඩ්ඩෝ එන සීමාවේ ආයතනයේ ඇතුළත ඇණ පොලු‍ තියමු.“.
අනිත් අය ද ඊට  කැමැත්ත පළ කළහ.


වැඩ කරන දිනවල දී නේවාසික කාමරවල පවා විවේකිව සේවකයන් රැඳී සිටින නිසා එම දිනවල දී රෑට ඇණ පොලු‍ ඉවත් කිරීමටත්, කිසිවකු නැති දිනවල දී ඒවා අනාරක්ෂිත පෙදෙස්වල තබන්නටත් ආරක්ෂක අංශයේ ප්‍රධානියා උපදෙස් දුන්නේය.
අවැසි ඇණ හා ලෑලි ගෙනාවේය. ඇණ ගැසුවේය‍. ඇණ පොලු‍ තැන් තැන්වල තැබුහ. කියු පරිදි ඒවා තැබීම හා ඉවත් කිරීම සිදු වේ.
ඔය අතරේ කුඩ්ඩන්ගේ පැමිණීම ද නැවතුණි. ඇණ පොලු‍ තැබීම ද මේ තත්වය හමුවේ දුරස් විය.
ඒවා  එක තැනක ගොඩ ගැසුණි.
දිනක් දඩාවතේ යන පණු ගඳ බැල්ලියක ආයතනය දෙසට ආවාය. කාමරවලට රිංගුවොත් සිදු වන්නේ ගන්දස්කාරය නිසා ඒවා ශුද්ධ පවිත්‍ර කරන්නට ය. ඉන් මිදෙන්නට නම් බැල්ලිය එලවා දැමිය යුතුය. ආරක්ෂක අංශයේ ප්‍රධානියා බැල්ලිය එලවන්නට මෙන් පසු පස ලු‍හු බැන්දාය. අන් අයද හතර පැත්තෙන් වට කෙරුවේ බැල්ලිය එළියට පලවා හැරීමට ය.
කැලෑව සහිත පෙදෙසකින් දිව ගිය අයෙක්  කෑ ගසා වැටුණේය.
අනිත් සේවකයෝ ද ඒ දෙසට ගොස් විපරම් කළ බැලූහ.
ඉවතට ගෙන තැබු ඇණ ලෑල්ලක්  බිමට පෙරළී ඇත. එය පෑගිමෙන් තම ප්‍රධානියාගේම කකුලට සිදු වී ඇති හානිය සුළුපටු නොවන්නේය.
“ අනුන් නසන්නට යෙදු උපායේ තමන්ම පැටලි ඇතැයි“  පැවසු සේවකයන් ඔහු වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තේලු‍.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

අනුන්ට ඇටවූ උගුලේ තමන්ම වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site