කලිසමේ බොත්තම් නිසා අසාධ්‍ය රෝගියා අතරමං කොට රෝහලෙන් පැනයාමේ පුවතක් අනුරාධපුරයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
එය එම පළාතේ මහ රෝහලකි. රෝහල් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූවේ පොළඟෙකු දෂ්ට කළ රෝගියෙකි. ඔහු ළඟ ආවතේව කිරීමට නතර වී සිටියේ අප කතානායක කලිසමේ බොත්තම්කරුවාය. ඔහු එම රෝගියාගේ මාමාය. බොත්තම් කාර මාමා නිහඬ පුද්ගලයෙකි. සාන්ත දාන්ත තීන්ත කුප්පියකි.
දිනක් රෝගී බෑනා සමීපයේ හිස් ඇඳක වාඩිවී සිටි මාමා එක කකුලක් උඩට ඔසවා රෝගී බෑනාගේ ඇඳ මත තබාගෙන අසංවර ඉරියව්වෙන් සිටියේය. ඔහුගේ මේ ඉරියව්ව දෙස ඈත තියා බලන්නෙකුට වුවද එහි අමුතු යමක් දර්ශනය වීම පුදුමයක් නොවේ. එනම් ඔහු ඇඳ සිටි කලිසමේ ඉදිරියේ බොත්තම් කීපයක් ගැලවී ගොස් තිබූ නිසා එම දර්ශනය පිළිකුල් සහගත විය.
මේ පිළිබඳව වාට්ටුවේ හෙදියක දැක තිබූ නිසා ඇය ඔහු ළඟ සිටි රෝගියා සමීපයට ගොස් රෝගියාට සේලයින් දෙන අතරතුර මාමාගෙන් මෙසේ විමසුවාය.
‘‘මේ තාත්තා, හිතලද වැරදිලා ද ඔහොම ඉන්නේ.’’
මාමා ප්රශ්නය තේරුම් ගත නොහැකිව අන්දමන්දව තමාගේ ශරීරය දෙස බලන්නට විය. එවිට ඔහු ඔහුගේ කලිසමේ බොත්තම් ගැලවී ගොස් ඇති අයුරු දැක මහත් ලැජ්ජාවට පත්විය.
ඊළඟ නිමේෂයේ හෙදිය රෝගියාගේ ඇඳ ළඟට යන විට සාත්තු සප්පායම් කිරීමට පැමිණ සිටි මාමා රෝහලෙන් අතුරුදන් වී සිටියේය.
‘‘මේ කතාව මාමාගේ ඥාතීන්ටත් සැලවිය. රෝගියා සුව වී නිවසට පැමිණ ඇතත්, ගම් පළාතේ උදවිය මාමා දකින විට” ‘‘හිතල ද වැරදිලද කියපන් ඇත් රජුනේ” යන ගීතය ගායනා කරන බව දැන ගැනීමට ලැබුණි.
කැබිතිගොල්ලෑව
හේමන්ත රණසූරිය
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බොත්තම් අවුලෙන් සාත්තුවත් අමතක වෙලා