IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උගුඩුවෙක් ගමක්ම හොල්ලලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ 



නිවසකට උගුඩුවෙක් ඇතුළුවී කළ කලබලයකින් අවදිවූ කාන්තාවක  හොරෙකු  පැන ඇතැයි කෑගැසීම නිසා ගමක්ම හෙල්ලු‍නු  සිද්ධියක්  ගැන  දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
අතුරු මාර්ගයක්  කෙළවර  පිහිටි නිවසකි. විශ්‍රාමිකයෙක් ඔහුගේ බිරිය හා උසස් අධ්‍යාපනය  හදාරන  දියණියක් එහි වෙසෙති. විශ්‍රාම  වැටුපත් කොස් පොල් සහිත වතුපිටිවල ආදායමත්  හේතුවෙන්  හිඟ පාඩුවක්  නැතුව ඔවුහු  දිවිය ගැටගහ ගනිති.
ඉඳහිට  පොඩියට  සප්පායම් වන ගෙහිමියා මධ්‍යම රාත්‍රිය  පහුවන  තුරුම රූපවාහිනී  සංවාද නැරඹීම පුරුද්දක් කර ගත්තෙකි. ගෙයි සියලු‍ දොර ජනෙල්  බිරිඳ විසින් වසා තැබෙන  අතර රූපවාහිනියේ  සංවාදය  නිමාවූ පසු  ඉදිරිපස දොර වසා  නින්දට යාම නිවසේ දින චරියාව වී  තිබුණි. මෙදිනද  හීනියට සළුවී  සිටි මොහු රූපවාහිනිය නරඹමින් සිටියදී බිරිඳ හා දියණිය නින්දට ගොස් ඇත.
පාන්දර යාමයේදී  මුළුතැන්ගේ පැත්තෙන් ඇසුණු සද්දයකින්  පිබිදුණු ගෙහිමි කාන්තාව ඊට  සවන් යොමුකර ඇත. ඇසෙන  සද්දය  නතර නොවන බැවින් කාමරයේ දොර  හැරගෙන කුස්සියට පැමිණ එහි බල්බය දැල්වීමට  සුවිචයට  අත තියනවාත්  සමග කවුරුන් හෝ  ඇගේ  කකුලෙත්  වැදීගෙන  ඉදිරිපසට දුවගෙන  ගොස්  ඇත.


 මහත්සේ  බියටපත් ඈ කුස්සියෙන් මෑත්වී  සාලයට පැමිණ එහි  බල්බය  දල්වා ඇත. ඉදිරිපස  ප්‍රධාන දොර  ඇර  තිබෙනු  දුටු  ඈ  හොරෙක්  පැන ඇතැයි කියා  සැකයෙන්  කෑගසා  ඇත. සැමියාත්  දියණියත්  අවදිවී  විපරම්  කරනවිටම  අසල්වැසි  නිවෙස් දෙකේ  ගෙහිමියෝද  මොකද? මොකදැයි  අසමින්  එම නිවසට  පැමිණ ඇත. අසල්වැසි  නිවෙස්වල  ඇත්තන්ද  දුරකතන  මගින්  එකිනෙකාගෙන් විමසමින්  මේ නිවසට රොක්වී  ඇත.
ගෙහිමියන්ගේ  හා පැමිණි පිරිසගේ විමර්ශනයෙන්  හොරෙකු  පැමිණ නැති බවත් පැමිණ  ඇත්තේ උගුඩුවෙකු බවත්  තහවුරුවී ඇත. ඊට සාක්කි  වශයෙන් මදය නැති ගස්ලබු ගෙඩියක්ද  ලෙලි පමණක් ඉතිරි කෙසෙල්  ඇවරියක්ද  සොයාගෙන ඇත. හීනියට  සප්පායම්වී  රූපවාහිනිය නරඹමින් සිටි ගෙහිමියා දොර ඇරදමා  තිබියදීම නින්දට ගොස් ඇති බවද තහවුරුවී ඇත. කෙසෙල්  සුවඳට ඉව වැටී හැරදමා  තිබුණු  දොරෙන්  ඇතුළුවී  ඒවා  බුක්ති වින්ද උගුඩුවා සොරෙකුවී  ඇත්තේ  එසේය.



අදහස් (0)

උගුඩුවෙක් ගමක්ම හොල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site