IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කිරි හට්ටියට ඇන්දිලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ 



පිට ප්‍රදේශයකින් ගෙනෙන ලද මීකිරි හට්ටියක් සුපිරි කිරි හට්ටියක් බව තහවුරු කර පෙන්වන්නට ගොස් වෙච්ච ඇබැද්දියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම විදේශිකයන්ට රටතොට පෙන්නන හෝටල් ජාලයකට සම්බන්ධවී ඔවුන් සමඟ රටපුරා සැරිසරන වාහනයක උරුමකරුවෙකි. ඔහුට ඊයේ පෙරේදා විදේශිකයන් පිරිසක් සමග කතරගම පැත්තේ සංචාරයක් සෙට් වී ඇත. ඔහු ඒ සඳහා පිටත්ව යාමට පෙර දියණියන් දෙදෙනාත් පුතාත් “තාත්තේ අපිට කන්න කිරි හට්ටියක් ගේන්න”‍ යි ඉල්ලා ඇත.
මොහු රට පුරා සංචාරයේදී ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කෑමබීම වර්ග පලතුරු ගෙනාවත් ඒ හැම එකකම කුමක් හෝ අඩුවක් දැකීම බිරිඳගේ පුරුද්ද නිසා මේ අවස්ථාවෙත් “උඹලගෙ අම්මට හරියන කිරි සොයන එක තමයි ප්‍රශ්නෙ”‍ කියමින් ඔහු පිටවී ගොස් ඇත.
සංචාරය අතරතුර ලැබුණු විවේකයකදී මොහු දකුණට ආවේණික “සුපිරි මීකිරි”‍ සොයා ගොස් ඇත. ඒ සඳහා සුපිරි කිරි පොට් එකක් ගැන යහළු රියදුරකුගෙන් ලැබුණු ඔත්තුවකට අනුව ඔහු කියූ තැන සොයාගෙන ගියේය. 
කඩේට ගොඩවී මුදලාලි සමගින් කතාකර “මේ පැත්තෙ හොඳ කිරි කියල ගෙනිච්චට හැමදාම හම්බුවුනේ සවුත්තු බඩු. ඒවා ගෙනිහිල්ල අපි ගෑනුන්ගෙන් බැනුම් අහනවා”‍ යැයි කීවේය. “මහත්තය කිරි තෝරන්න දන්නෙ නෑ”‍ ඒකයි අවුල කියමින් හොඳකිරි තෝරන විදිය මුදලාලි පහදාදී ඇත.


ඔහු කියා ඇත්තේ හොඳ කිරි නම් හට්ටිය අනිත් පැත්ත හැරෙව්වත් කිරිටික බිම නොවැටී රැඳී තිබෙන බවයි. එසේ කියමින් ඔහු කිරි හට්ටියක වසා තිබෙන ඉටි කොළය ගලවා හට්ටිය අනිත් පැත්ත හරවා ඔහුට පෙන්වා “මේ තමයි සුපිරි මීකිරි ”‍ යැයි ඔහුට පෙන්වාදී ඇත.
ඔහු කිරි හට්ටියක් වෙනුවට හට්ටි දෙකක්ම මිලදී ගත්තේ ඒවා සුපිරි බඩු නිසාය. ඔහු නිවසට පැමිණියේ මේ පාර නම් දරුවන්ගෙ විතරක් නෙවෙයි ගෑනිගෙ හිතත් සතුටු කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසයෙන් යුතුවය.
මෙදින එම නිවසේ කෑම මේසයට කිරි හට්ටියක් සමග පැණි බෝතලයක්ද එකතුකර තිබුණි. කෑමෙන් පසු කිරි කප්ද ළංකර ගෙන සියල්ලෝම කිරි අනුභවයට සූදානම් වූහ. 
ඔහු කිරි හට්ටිය විවෘත කරත්ම බිරිඳ “අදත් ජරාවක් ගෙන්න ඇති”‍ යි කියමින් සැමියාට සුපුරුදු ඇනුම්පදය එල්ල කළාය. එහිදී ඔහු හොඳ මීකිරි නම් හට්ටිය අනිත් පැත්ත හැරෙව්වත් කිරිටික හට්ටියේම ඇලී තියෙන්න ඕන යැයි කියමින් සැමට පෙනෙන්නට හට්ටිය අනිත් පැත්තට හරවා ඇත. 
ඒ සුපිරි මීකිරි නොවන බව තහවුරු කරමින් කිරිටික බිමට වැටී ඇත. උතුර දකුණ මාරුවූ ඔහු “ඌ මට හොඳ එක පෙන්නල ජරාවක්නෙ දීල තියෙන්නෙ”‍ යි කියමින් බිරිඳගෙන් බැනුම් අසමින් බිමවැටී ඇති කිරි අස්කර ගෙයද සෝදා ඇත.
වෙච්ච පාඩුවත් අවමානයත් දවසකින් දෙකකින් පහවී ගියත් “මීකිරි”‍ මතක්වෙන පාරක් ගානේ බිරිඳ නගන ආඩපාලි නම් තවමත් නතරවී නැතිලු‍.

 



අදහස් (1)

කිරි හට්ටියට ඇන්දිලා

Tissa Senanayake Thursday, 14 August 2025 01:53 PM

හොඳ නරක දැන ගන්නෙත් අනුන්ගෙන්, පිං පව් දැන ගන්නෙත් අනුන්ගෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site