උපන් දිනේට මී කුණක් තෑගී ලැබිලා උපන් දින තෑග්ගක් ලෙසින් මියගිය මීයකු හමුවීමේ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තා වේ. 22 September 2022
නෝනා සතුටු කරන්න ගිහින් ණයකාරයෙක් පස්සෙන් පන්නලා නෝනා සතුටු කරන්න ලොකු හෝටලයක කෑමට ගොස් එහි දර්ශන මුහුණු පොතට දැමීමෙන් ගත්ත පරණ ණයක් ප්‍රසිද්ධියට පත්ව අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 21 September 2022
සැමියාගේ හොරා කෑම වළක්වන්න බිරිය හාල් මල්ල ළඟ බුදි වෛද්‍ය උපදෙස් මත සිරුරේ වැඩිපුර ඇති සීනි සහ මේදය පාලනය කිරීම සඳහා රාත්‍රී ආහාරය ලෙස තැම්බූ එළවළු ආහාරයට ගත් පුද්ගලයකු නිවැසියන් නින්දට යන තෙක් බලා සිට මැදියම් රැයේදී බත් මුට්ටියක් උයාගෙන අනුභව කළ බව කියවෙන පුවතකි. 20 September 2022
වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා මියගිය සුනඛයකු භූමදානය කිරීමට පොරොන්දු වූ පුද්ගලයකු රුපියල් එක්දහස් පන්සියයක මුදලක් කුලිය ලෙස ලබාගෙන, පෝර උරයක බහා රැගෙන ගිය සුනඛයා මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක අසුනක් යට සඟවා පලායාමේ සිදුවීමක් ඉකුත්දා මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 September 2022
දොස්තරට බිය වී ’බෝතලේ පවර්’ එකෙන් දත ගලවාගෙන දිරාගිය දතක වේදනාව දරාගත නොහැකිව එය ගලවා ගැනීමට පෞද්ගලික රෝහලකට ගොස් හිරිවැටෙන එන්නත ද ලබාගෙන වෙද්‍යවරයා අත්මේස් නොගලවා අපිරිසිදු ලෙස ප්‍රතිකාර කරනු දැක එතනින් මාරුවී පැමිණ තම හිතවතකු මගින් දත ගලවාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 17 September 2022
බිරිඳගේ ජංගම දුරකථනය නැතිවී ඩබල් හයර් ගෙවලා බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතකවීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 17 September 2022
ඥාති පුතාෙග් නම විකුණා ඇන්ටිගෙ සේසතට විදලා වසර දහඅටක් තිස්සේ අසනීපයකින් බැට කමින් සිටින 60 හැවිරිදි කාන්තාවකට තමා සන්තකයේ තිබූ අවසාන සේසත ද කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වෙන්නේ බස්නාහිර දිශාවෙනි. 17 September 2022
කුරුඳු කැලෙන් හමුවූ බිරිඳගේ තුරුල්ලේ ෆෙස් බුක් පෙම්වතෙක් ජංගම දුරකථනයත්, සමාජ මාධ්‍ය ජාලාවත් නිසා සිය සොඳුරු පවුලක අනාගතයම කාබාසිනියාකර ගැනීමට ගිය තරුණ විවාහක කාන්තාවකගේ පවුල් ජීවිතය පොලිසියේ මැදිහත්වීමෙන් යළි යථා තත්ත්වයට පත්කර දුන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ. 17 September 2022
’එකට කොට’ බෙහෙත හොයා රටක් පීරලා බෙහෙත් ඖෂධයක නම නොදැන තුවාලය ඔඩු දුවන තුරා රෝගියාට වෙදකම් කිරීමට නොහැකි වූ පුවතක් මොරගොල්ලාගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 17 September 2022
’සැන්ටිපෝට්’ ට රැවටී හැංගු තෙල් බූලිය වතුර වෙලා දිනපතා පෝලිමේ ගොස් ත්‍රිරෝද රථයට ලබා ගන්නා පැට්රල් ප්‍රමාණය කෑන් එකකට එකතු කර නිවසේ සඟවා තිබිය දී ඩෙංගු පරීක්ෂාවට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බියවී පැට්රල් බූලිය ලඳු කැලෑවක සැඟ වූ පුද්ගලයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 17 September 2022
කෑම රසය හෙළිවෙලා පවුල් 2ක් ඇවිලිලා ගැබිනි කතට දොළදුකට දුන්නු කෑම එකේ ඇත්තම රසය තුන් හැවිරිදි දරුවා හෙළි කොට සහෝදරකමත් නැති වූ අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 16 September 2022
සාස්තරකාරියට සාස්තරයක් කියා මුහුණ රතුවෙලා ඌව පළාතේ ප්‍රධාන නගරයක පදික වේදිකාවේ අත්ල බලා ශාස්ත්‍ර කියූ තරුණියකගේ අත්ල බැලීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ඉකුත් දා වාර්තා විය. 15 September 2022
කොළඹ යාළුවාගේ ගෙවත්ත සුද්ද කර තණකොළ ටිකත් ආණ්ඩුවේ වාහනේම ගෙනත් බස්නාහිර පළාතේ වෙසෙන මිතුරාගේ ගෙවත්ත තණකොළ කැපීමට සිය සේවස්ථානයේ ලොරියකින් සේවක පිරිස පටවාගෙන ගොස් එහි කැපූ තණකොළ පෝර උරවල පටවාගෙන යළිත් සිය පළාතටම ගෙන ආ දකුණු පළාතේ පළාත් පාලන ආයතනයක ලොක්කකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 14 September 2022
නාන කාමරේක සෙල්පි ගහලා කෙල්ලෝ රොත්තක් අමාරුවේ වැටිලා ඥාතියකුගේ නිවෙසේ සාදයකට පැමිණ එම නිවෙසේ ඉදිකර තිබූ නවීන අංගෝපාංගවලින් සමන්විත නානකාමරයේ සෙල්පි ඡායාරූප ගැනීමට ගොස් වටිනා ජංගම දුරකතනයක් නානකාමරයේ වැසිකිළියට වැටීම නිසා අකරතැබ්බයකට මුහුණ දුන් තරුණියන් පිරිසක් පිළිබඳ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තාවේ. 13 September 2022
සහන සේවයට ගිය ලොක්කි ආයතනයේ මල් පෝච්චි පන්නලා සහන සේවය සඳහා වෙනත් සේවා ස්ථානයක සේවයට වාර්තා කළ නිලධාරිනියක සිය දින තුනක සේවය නිමවා ආපසු නිවස බලා යද්දී සහන සේවයේ නිරතව සිටි ආයතනයේ අලංකාරය සඳහා වගා කර තිබූ මල් පෝච්චි දෙකක් ද තමන් පැමිණි වාහනයේ පටවාගෙන ගිය බව කියවෙන පුවතකි. 12 September 2022
කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන් ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල් හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ. 10 September 2022
සීසීටීවියෙන් වලහෙක් එළියට පැනලා නිවෙසක සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවක මධ්‍යම රාත්‍රියේ වලසකු දර්ශනය වීම නිසා ප්‍රදේශයම වලස් බියකින් වෙලීගිය පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 09 September 2022
මනාලියට විහිළු කරන්න ගිහින් මනාලයාට දවල් තරු පෙනෙයි සිය මනාලියට කරන්නට ගිය විහිළුවක් නිසා මනාලයාගේ දකුණතෙහි ඇඟිලි දෙකකට හානි වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ පේරාදෙණිය පැත්තේ උපනගරයකිනි. 08 September 2022
වීරයා හොම්බෙන් ගිහින් දකුණු පළාතේ ප්‍රධාන නගරයක පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු ඔහු 28 හැවිරිදි තරුණයෙකි. ගම් පියසේ සිට දිනපතා බසයෙන් රැකියාවට පැමිණි ඔහුට පසුගිය කාලයේ රැකියාවට පැමිණීම ගැටලුවක් වූයේ පොදු ප්‍රවාහන පහසුකම් නොතිබුණු බැවිනි. 07 September 2022
අට වසරේ සිසුවිය පාසලට බීර ගෙනත් අට වසරේ සිසුවිය පාසල් සිසුන් අටදෙනකුට පමණ නිවෙසින් පාසලට රැගෙන ආ බීර පෙවූ අපූරු පුවතක් ගාලු දිසාවේ රූකඩවලට නමක් ගත් නගරයක ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ. 06 September 2022
දිනේ අමතක වෙලා: විභාගය ලියන්න වෙන දවසක ඇවිත් රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා විභාගයට මුහුණදීමට දිනය අමතක වී විභාග ශාලාවට ගොස් නැවත මුදල් ගෙවා විභාගය ලිවීමට සිදුවූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්ත විය. 05 September 2022
සැමියාගේ දුරකතන ඇමතුමෙන් බිරිඳගේ ‘කන්තෝරු ප්‍රේමය’ මාට්ටු අසනීප වූ සේවිකාවගේ සැමියා ඇය සේවය කරන ආයතනයට ඇගේ රෝගී තත්ත්වය දන්වා නිවාඩු ඉල්ලීමට දුන් දුරකතන ඇමතුමෙන් ඇය සහ ආයතනයේ ප්‍රධාන ලිපිකරු අතර අනියම් සම්බන්ධය හෙළිවීමේ සිද්ධියක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 03 September 2022
මඟුල් මේසෙට කුකුලේක් ඇවිත් මනාලයා අමාරුවේ දාලා දුවගේ විවාහ මංගල්‍ය දින දෑවැද්දට දීමට රැගෙන ආ කුකුළකු නිසා මනමාල මහතා දැඩි අපහසුවකට පත්වූ පුවතක් දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා විය. 02 September 2022
ටයි කෝට් කාරයෙක් ඉස්කෝලයක්ම අන්දලා අග නගරයේ කර්මාන්ත ශාලාවක් නැරඹීමට අවසර ලබා දෙන්නේ යැයි කියමින් මුළු පාසලක් හා මගී ප්‍රවාහන බස් රථ තුනක රියැදුරන්ද අන්දවා සෑහෙන ගානක් කඩාගෙන ගිය නාදුනන්නකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 01 September 2022
මාළු පාන් හදද්දී කරපිංචා වෙනුවට කොහොඹ කොළ දමලා දකුණු පළාතේ උපනගරයක වූ සුළු පරිමාණ බේකරියකි. එය වඩාත් ප්‍රසිද්ධ වූයේ ඉතා රසවත්ව හදන මාළු පාන් නිසාය. එහෙත් පසුගිය දා මාළු පාන් මිලයට ගත් බොහෝ දෙනකු ඒවා තද තිත්ත බව පවසමින් ආපසු ගෙනා අතර බේකරි හිමියා ද එය හපා බැලු අතර තද තිස්ස රස බව දැන සේවකයන් සමඟ ඊට හේතු සොයා බැලුවේය. 31 August 2022
කිව්.ආර් ඉවරවුණාම ටීචර්ගේ යතුරුපැදියෙන් තෙල් ඇදලා කිව්.ආර්. කේතයට ලබාගත් තෙල් රෝන්දේ ගසන්නට මදිවී තමාට උගන්වන ගුරුවරියගේ යතුරු පැදියෙන් ඇද්ද ගෝලයන් දෙදෙනකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 30 August 2022
අඳින්න දුන් සරමත් එක්ක ආගන්තුක මිතුරා වාෂ්පවෙලා ස්ථානය කොළඹ මධ්‍යම බස් නැවැතුම්පොළය. මෙම සිද්ධියට සම්බන්ධ එක් අයකු අම්පාරේය. අනෙකා කැකිරාවේය. දෙදෙනා මෙයට පෙර හමු වී නැති නමුත්, එදින ඔවුහු ගජ මිතුරෝ බවට පත්ව සිටියහ. 29 August 2022
අලියා හොඬයෙන් අල්ලා බිම තැබූ ගොවියාට ගණදෙවි නුවණ පහළවෙලා වන අලියකුගේ ග්‍රහණයට හසු වූ ගැමියකු අලියාට වැඳ තමන්ට හිරිහැරයක් නොකර අතහැර දමන ලෙස කළ ඉල්ලීම නිසා එම ගැමියා අතහැර දමා අලියා වනයට ගිය පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. 27 August 2022
සැමියාගේ ලනුවක් කා නෝනා හොරකමකට මාට්ටුවෙලා ගාල්ල නගරාසන්නයේ පදිංචිකරුවෙක් නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයේ සුපිරි වෙළෙඳසලක් වෙත ගියේය. භාණ්ඩ මිලදී ගත් ඔහු කාඩ්පතින් මුදල් ගෙවා ආපසු නිවසට ගියේය. එහෙත් කාඩ්පත වෙළඳසල ඉදිරිපිට බිමට වැටුණ බවක් ඔහුට නොදැනිණි. 26 August 2022
කානුවෙ කෙඳිරි ගාන තරුණයන් දෙන්නාට වඩා ඌරකු ලොකු වෙලා යතුරුපැදියක වල් ඌරකු ගැටී අනතුරක් සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණ ත්‍රිරෝද රථයක සිටි පිරිසක් තුවාලකරුවන්ට පිහිට නොවී ඌරා රැගෙන පලාගිය පුවතක් ඉකුත් 22 වැනිදා රාත්‍රියේ දී පොල්පිතිගම නගර සීමාවෙන් වාර්තා වේ. 25 August 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026