IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මාස්ක් නැති නෝනාට බැංකු ආරක්ෂක අපූරු උපදෙසක් දීලා

තිහගොඩ උපසේන ලියනගම
පෞද්ගලික බැංකුවක ආරක්‍ෂක නිලධාරියකු විලාසිතාකාරියකට දුන් අපූරු උපදේශයක් පිළිබඳව පුවතක් අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි. 


කළු උපැස් යුවළක් පැළඳ තද රතු පාටින් දෙතොල් ආලේපන කරගත් මෙම විලාසිතාකාරිය සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රියැදුරු සමඟ බැංකුව තුළට යාමට ආවේ මුඛාවරණ නොමැතිවය.


මෙය දුටු ආරක්‍ෂක නිලධාරියා එහි පැමිණ ඇයට පෙන්වූයේ සෞඛ්‍යාරක්‍ෂිත දැන්වීමය. ‘‘වට්’’ කී ඇය මුඛාවරණ නැතිව ඇතුළුවීම තහනම් දැන්වීම දුටුවාය. 


‘‘මාස්ක් දැම්මම කට වැහෙනවානෙ. මේක මගේ විලාසිතාව’’ කීවේ තම දෙතොල පෙන්වමිනි. ඒව හරියන්නෙ නෑ කාටත් නීතිය එකයි කී ඔහු ‘‘මට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ’’ කීවේ තරමක තරහකිනි.
එහෙත් ඇය විවාදයකට සැරසුණාය. ‘‘හරි, එහෙනං නෝනා සුදු පාට මාස්ක් එකක් දාගෙන උඩින් රතුපාටින් තොල් පාට කරගන්න’’ කීවේ විවාදය අවසන් කරමිනි. 


ඇය අන්දමන්ද වූ විට රියැදුරු වහා වාහනය වෙතට දිවගොස් මුඛාවරණයක් ගෙනැවිත් දුන්විට කළු උපැස්යුවළ යටින් ඇය ආරක්‍්ෂක දෙස බැලුවේ දැඩි විමසිලිමත් බවකින් මෙන්ම ලජ්ජාව මුසු කෝපයකිනි. 



අදහස් (0)

මාස්ක් නැති නෝනාට බැංකු ආරක්ෂක අපූරු උපදෙසක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site