IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පන්සලේ සබන් උපාසක මහතාගේ මල්ලට ගිහින්

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
එක්වරම විශාල ගණනකින් ඉහළ ගිය සබන් බිල නිසා, කප් රුකෙන් සබන් කැට කිහිපයක් පිල්ලි ගසා ලොකු හාමුදුරුවන් ඉදිරියේ අලි අමාරුවක වැටුණු උපාසක මහතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
පන්සලේ කඨින පූජෝත්සවය නිමාවට පත් වන විට සවස් කාලයත් පසු වී තිබිණ. විහාරස්ථානයේ රැඳී සිටියේ ටික දෙනෙකි. ලොකු හාමුදුරුවන් ඉන් එක උපාසක මහතකුට කිව්වේ, කප් රුකේ එල්ලා ඇති පූජා භාණ්ඩ ගලවාගෙන එන ලෙසය.


ලොකු හාමුදුරුවන් කී පරිදි උපාසක මහතා කප් රුකේ පූජා භාණ්ඩ ගලවාගෙන ආවේය. වෙනදා කප් රුක පිරෙන්න පූජා භාණ්ඩ එල්ලා තිබුණත්, මෙවර එසේ නොවූයේ රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා බව ලොකු හාමුදුරුවෝ ද දැන සිටියහ.


සබන් මිල දැරිය නොහැකි අයුරින් ඉහළ යාමත් සමගම කප් රුකේ තිබූ සීමිත සබන් කැට ගැන ලොකු හාමුදුරුවෝ ද ඇස ගසාගෙන සිටියහ. උපාසක තෙමේ ගෙන ආ කප් රුක් පූජා අතර එහි තිබූ සබන් කැට නොතිබූ හෙයින්, ලොකු හාමුදුරුවන් උපාසක තෙමේ දිහා බලාගෙනම “සබන් දැන් පට්ට ගණන් නිසා කවුරු හරි ඒකටත් විදලා” යයි කීහ. “මට ඒක අල්ල ගන්න පුළුවන් පන්සලේ සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කළාම” යයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.


ඒ සමගම උපාසක තැනගේ මුහුණ කළු වී තොල් පටලැවී ගියේය. ගොත ගසමින් ඔහු කතා කරන්නට පටන් ගත්තේය. “අපේ හාමුදුරුවනේ, සබන් ඉතින් පට්ට ගණන් නිසා මම සබන් කැට ටිකක් මල්ලේ දාගත්තා. ලොකු හාමුදුරුවන්ට මේ ගැන කියන්නයි සිතාගෙන සිටියේ” යයි ඔහු කිව්වේ, සබන් කැට කිහිපයක් මල්ලෙන් ගෙන විහාරස්ථානයේ මේසයක් මත තබමිනි.


ඒ එක්කම ඔහු එතැනින් ඉක්මනින්ම මාරු වී ගියේ, “ගත්තු සබන් කැට ටික අරගෙන යන්න” යැයි ලොකු හාමුදුරුවන් කියද්දීය.

 



අදහස් (0)

පන්සලේ සබන් උපාසක මහතාගේ මල්ලට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site