IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මඟුල් ගෙදර ගෙන්වන නෑයන් තෝරාගන්න තුණ්ඩු ඇදලා

තිහගොඩ උපසේන ලියනගම
සිය මංගල්‍යයට පැමිණෙන ආරාධිත පිරිස සීමා කිරීමට ආරාධිත පිරිසේ නාමලේඛනයෙන් කොටසක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා ඌව පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි.


පවුලේ එකම පුතා වූ ඔහු අගනුවර නීතියට සම්බන්ධ  ආයතනයක සේවය කළ අතර, විවා දිවිය ප්‍රතික්ෂේප කළ අයෙකි. එහෙත්  නියමිත වයසද පසුවූ නිසා පියාගේ පෙරැත්තයට අනුව ඔහු විසින්  සොයා දෙනු ලැබූ මනාලියක හා විවාහවීමට එකඟ විය.


පියා ඌවේ ප්‍රධාන උත්සව ශාලාවක විවාහ මංගල්‍යය මහ ඉහළින් පැවැත්වීමට තීරණය කොට පුතාට කීවේ දෙසීයකට ඊට ආරාධනා කරන බවයි.


‘අපොයි එපා, පනහක් හොඳටම ඇති ඔය හෝටලේ ලන්ච් ප්ලේට් එකක් රුපියල් හාරදාහයි.’ කීවේ තරමක සංවේගයෙනි.


මේ නිසා පියාගේ එකඟතාව ඇතිව හිතවත්ම ඥාතීන් විසි පහක්ද ඉතිරි පිරිසෙන් විසි පහක්ද තෝරා ගැනීමට ලැයිස්තුවේ නාම  ලේඛන අංක දමා කුසපත් ඇද පිරිස තෝරාගත්තේය. උපහාසසෙන් සිනාසුණු පියා මනාලියගේ පැත්තේ අයටත් මේ උපක්‍රමය කියන්නැයි කීවේ සැහැල්ලු සිතිනි.



අදහස් (0)

මඟුල් ගෙදර ගෙන්වන නෑයන් තෝරාගන්න තුණ්ඩු ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site