IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහත්තුරු තුන් දෙනයි: මැස්සයි කඩේ මුදලාලි උසාවි යවලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
දකුණු පළාතේ එක්තරා නගරයක පාසලක් අසල තිබූ ආපන ශාලාවකි. හොඳින් හැඳ පැළඳගත් වැදගත් යැයි සිතිය හැකි  තිදෙනකු මෙම ආපන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ලබා ගන්නා අටියෙනි.


ඉඩපහසුකම් තිබූ තැනක් බලා මේසයක් වටා හිඳගත් ඔවුන් හට දැකගත හැකි වූයේ තම මේසයේත් අවට මේසවලත් වටපිටාවෙත් කරක්ගසන මැසි කැලකි. වරෙක මැස්සෝ අසල මේසයට ගෙනැවිත් තිබූ ආහාරවල වසති. තවත් වරෙක සිමෙන්ති පමණක් අතුරා ඇති පොළොවෙහිද තවත් වරෙක පැමිණ සිටි අයගේ ශරීරයෙහිද ලැගුම් ගනිති.


මෙම ස්ථානයෙහි ඇති අපිරිසුදු බව තේරුම්ගත් එක් අයකු පැවසුවේ අපි වෙන කඩයකට යමු කියාය. ඒත් අනෙක් අය පැවැසුවේ මේ වෙලාවේ තවත් තැන් හොයන්න බැහැ මෙතැනින්ම කාල යමු යනුවෙනි. 


පැමිණි එක් අයකු වේටර් ළමයා අමතා  දරුවා මේ මේසයේ හරියට මැස්සන් වහනවානේ කියනවාත් සමඟම පොඩ්ඩක් ඉන්න සර් කියමින් ප්‍රසිද්ධ මැසි මදුරු නාශකයක් ගෙනැවිත් මේසය පුරා ස්ප්‍රේ කර හැරියේය. ඉන්පසු ඔහු දැන් හරියි කියමින් මේසය මතට ආහාර පාන ගෙනවිත් තැබුවේ  කිසිම ගානක් නැතිවය. 


මෙයින් මවිතයට පත් ඔවුනොවුන් මුහුණට මුහුණ බලා නැගී සිට හොටෙල් හිමියා හමු වී මේ බව පැවසුවේය. බය වෙන්න එපා මහත්තයෝ අපි එදා ඉඳලම මැස්සන්ට දැම්මේ මේ දියර තමයි. ඔහු ද ඊට උත්තර දුන්නේ කිසි ගණනකට නැතිවය.


 ඒ වුණාට බලන්න මුදලාලි මේවයේ තිබෙන්නේ වසනෙ. අනෙක මේ කඩයට ගොඩක්ම එන්නෙ පාසල් දරුවන් නේද? 


මෙයින් කේන්ති ගත් ඔහු ඔහේලට ඕනෑ නම් කන්න. නැත්නම් යන්න යනුවෙන් පවසනවාත් සමඟ පැමිණ සිටි අමුත්තකු බෑගයෙන් පොතක් ගෙන එහි යමක් සටහන් කර මුදලාලි අත තැබීය.


අපි දන්වන දවසට උසාවියට එන්න යැයි ඔහු පැවසීය. 


අතට ගත් කඩදාසිය කියවා බැලූ ඔහුගේ ඉහමොළ රත් වූවේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක  මහතාගේ නිල  මුද්‍රාව දැකීමෙනි.



අදහස් (0)

මහත්තුරු තුන් දෙනයි: මැස්සයි කඩේ මුදලාලි උසාවි යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17825 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site